හිරුණිකාට ඇප!

Date:

කාන්තා හිංසනය පිටුදැකීමේ තේමාවෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට වීදි නාට්‍යයක නිරත වී සිටි කාන්තාවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඊයේ (14) දින විරෝධය පෑම මත පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් කාන්තාවන් 14 දෙනෙකුට අද (15) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබේ.

ඒ අනුව රු. 500,000 ක ශරීර ඇපයක් මත හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ කටයුතු කර තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුඳුවත්ත පොලීසිය විසිනි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...