කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නව ඒකාබද්ධ සැලැස්මක්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නව ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් දිස්ත්‍රික් කෘෂිකාර්ම කමිටුව මගින් හදුන්වා දී තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් එය ක්‍රියාත්මකවේ.

ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ඒකාබද්ධ වූ කෘෂිකාර්මික වැඩපිළිවෙලක් දියත් කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර ගොවියන්, නිලධාරීන් හා කෘෂි වෙළඳ පොල යන සියලු අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම මේ යටතේ සිදුවේ.

එහි නියමු ව්‍යාපෘතිය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඒදඬුවාව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය කේන්ද්‍ර ඉකුත්දා ක්‍රියාත්මක කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධ කොට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම වර්ෂයේදී සිදුකරන කෘෂිකාර්මික හා ග්‍රාමීය දත්ත පදනම් කර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්ස ආවරණය වන පරිදි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සෙසු ගොවිජන සේවා මධ්‍යස්ථාන ආවරණය වන පරිදි දියත් කිරීමට නියමිත බව ද දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහතා තවදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...