*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

Roshan vs Roshan

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): 
රොෂාන් රණසිංහ ක්‍රිඩා පණතේ තමන් සතු බලය ලෙස හුවා දක්වමින් 32 සහ 33 වගන්ති ප්‍රයෝජනයට ගනිමින් විසුරුවා හරින ලද තෙවන ක්‍රීඩා පරිපාලනයද එම ක්‍රිඩාවට අදාළ ජාත්‍යන්තර මව් පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර,එම ක්‍රිඩාව තහනම් කර ඇත.නමුත් අමාත්‍යවරයා කියන්නේ ඔහු කරපු දේ නිවැරදි බවය.පාර්ලිමේන්තුවද එය අනුමත කළ බව ඔහු ශක්තියක් කරගෙන සිටින්නේය.

මේ නිසා දැන් අයිසීසිය තහනම ඉවත් කර ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට අවනත විය යුතු බව සිතන පිරිසක් රොෂාන් හරහා නිර්මාණය වි ඇත.මේ හරියට මේ රටේ ගෙවුණ දශකයේ දේශපාලනය ක්‍රියාත්මක වූ හැටිය.රට ලෝකයට වඩා වුශාල ලෙස සිතා,ලෝකය ලංකාවට අවශ්‍යය විදිහට හැසිරිය යුතු තැනක් බවට ගැසූ දේශපාලන පම්පෝරියට රැවටීමේ ක්‍රමවේදයේ ඊළඟ අංකයය.

අමාත්‍යවරයෙක් ලෙස සිය සෘජු බව පෙන්වීමට ගත් පළමු උත්සාහයන් දෙකම පසුව ඔහුට ජාත්‍යන්තරයට එකඟ වීමට නැමෙන්නට සිදුවීමෙන් නිමා විය.තෙව උත්සාහයේදී ඒ සඳහා පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව ද ඒ නැමිල්ලට හවුල් කර ගන්නට සිදු විය.

ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය හමුවේ ක්‍රිඩා අමාත්‍යවරයාට විධායක ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැතුව අතුරු කමිටු පත් කිරීමට නොහැකිය.කැබිනට් අනු කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් සම්බන්ධයෙන් වන තීරණය සොයා බලන් පත් කර අවසන්ය.

දැන් අමාත්‍ය රොෂාන් රණසිංහ කැබිනට්ටුවේ එවැනි තීරණයක් නොගත් බවට සහ එය සාකච්ඡා නොකළ බවට නිවේදනයක් කරමින් ජනාධිපති මාධය අංශයට එම නිවේදනය වෙනස් කළ යුතු බවට අභියෝග කරයි.ඔහු දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් ගත් තීරණය ක්‍රිඩා පණත අනුව ගත හැකි එකක් බවය.එය නමුත් අධිකරණය පිළිගෙන නැත.අධිකරණය පිළිගත යුතු බව ද ක්‍රිඩා අමාත්‍යවරයා පවසයි.මෙහිදි ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව ද අධිකරණයට බලපෑම් කරයි.

හැබැයි ක්‍රිකට් නොවන ක්‍රීඩා දෙකක්ම අමාත්‍යවරයා ඉහළින් පවසන ක්‍රිඩා පණතේ වගන්ති යටතේ ප්‍රතික්ෂේප වීම පාර්ලිමේන්තුව සළකා බැලුවේවත් නැත.ඒවා ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් පස්සට අදින්න වූ බව තැකුවේවත් නැත.ක්‍රිකට් සමඟ එකට හිටගත්තේ එහි ඇති මූල්‍ය බලයට දේශපාලනමය වශයෙන් ඇති කරන්නට හැකි බලයක් නීත්‍යානුකූලව විවර කර ගැනීම දේශපාලකයාට පහසුවක් වන බැවිනි.

රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීම ගැන චෝදනා කළත්,හිරේ දැමුවත් මෙහිදී ක්‍රිඩා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු නියෝජිතයෝ වැරදි ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් අධිකරණය හෑල්ලුවට ලක් කිරීම ගැන කිසිඳු කතාබහක් කරන්නට ඉඩ නැත.

මේ සියලු සිඳුවීම් හරහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පවසන්නේ තමන්ගේ නියමය අධිකරණය සහ අයිසීසී ය පිළිගත යුතු බවය.එයට පාර්ලිමේන්තුවද ඈදා ගෙන ඇත.අනිත් අතට රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට ජනාධිපතිවරයා සහ ඔහු ද අයත් කැබිනට්ටුව යෝජනා කරන්නේ සාමූහික වගකීමක් සහිතව කටයුතු කරමින් අදහස් ඉදිරිපත් කරන්නටය.රොෂාන් කියන දේ ඇසිය යුතු බව ඔහු අනෙක් පාර්ශවවලට බල කරන අතරේම අනෙක් පාර්ශව රොෂාන් රණසිංහට අපි සමූහයක් ලෙස වැඩ කරමු යැයි යෝජනා කිරිම අතර ගැටුමක් දක්වා දැන් මේ ක්‍රිකට් ප්‍රශ්නය පැමිණ ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ප්‍රමෝදය පවසන කාරණාවලදී ද,පැවසෙන්නේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර පළමු සංචිතයට ඇතුළත් කරන්නට ඉඩ නොඳුන්නේ ක්‍රිඩා අමාත්‍යවරයා බවය.සමහර කණ්ඩායම් ඒ අකාරයට සිඳු කළ අතර නවසීලන්ත නායක කේන් විලියම්සන් පවා තරගාවලියට එකතු වුයේ සංචාරය මැදදී ආබාධ මත සංචිතයේ සිටීමෙන් අනතුරුවය.එසේම සියයට විස්සක මුදලක් ක්‍රිඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආදායමෙන් ලැබිමේ වැදගත්කම පාර්ලිමේන්තුවේදී ද පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකා ක්‍රිකට් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටළුව ඇති වූ බව ඔවුන්ගේ පැත්තේ අදහසය.

ක්‍රීඩා අරමුදල දේශපාලනඥයෙක් වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ විධි විධාන යටතේ භාවිතා වන එකක් නිසා එයට කිසිඳු සංගමයක් උපයන මුදල් ගලා ඒමේ ක්‍රමයක් නොපැවතිය යුතු අතර හැකිනම් තවත් ක්‍රිඩා සංගමයකට උදව් කරන්නට ස්වාධීනව වෙනත් ක්‍රීඩා සංගමයකට හැකිවන පරිදි ක්‍රීඩා පණතේ වගන්ති ලිහිල් කළ හැකිනම් යහපත්ය.එහිදී ක්‍රිඩා අරමුදලට දුන් මුදල් පෞද්ගලික හිතවත්කම් මත වියදම් කළ බවට ක්‍රිඩා අමාත්‍යවරායට ශ්‍රී ලංකා ක්‍රිකට් චෝදනා කළ ද අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් මාධය අංශය හරහා වියදම් වූ ආකාරය ගැන තොරතුරු ද එවා ඇත.නමුත් එම නිවේදනයට වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ප්‍රතික්ෂේප කළ බව හෝ සියයට 20 ක මුදලක් ක්‍රීඩා අරමුදලට ඉල්ලූ බවට ඇමතිවරයා සම්බන්ධයෙන් කියූ කාරණා ගැන කිසිවක් කියා නැත.

තව කාලයක් මේ ගැටළුව ඇඳෙමින් පවතිනු ඇත.අයිසීසී තහනම නිසා රටේ ක්‍රීඩාවට විඳින්නට වන අතවර මෙන්ම ක්‍රිකට් ආයතනය විසින් යම් යම් රජයේ සහ වෙනත් අංශ වෙත ලබා දුන් වරප්‍රසාද කප්පාදුවීම ද සිදුවනු ඇත.එහි පල රටට සහ ක්‍රිකට්වල පිට්ටනියට,පිට්ටනියේ සිටින සුළු සේවකයාගේ සිට ඉහළට මෙන්ම සිල්ලර කඩයට ද ගලා එන්නට ගත් විට රොෂාන් රණසිංහ සම්බන්ධ දැන් තියෙන වීර කාව්‍ය,ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලියූ වීර කාව්‍යයට සිඳු වූ දේ ම සිඳුව නිමා වනු ඇත.එවිට තමන්ගේ අවශ්‍යයතාවයන් ජාතික උවමනාවන් කරගෙන උපදෙස් දුන් සියලු දෙනා බැස යනු ඇත.චෝදනාවේ චූදිතයා ලෙස රොෂාන් රණසිංහ ඉතිරී වී සිටිනු ඇත.

දේශපාලකයා තීරණ ගැනීමේ දී ඔහුගේ පෞරුෂය ගැන නොව රටේ සහ ඊට මුහුණ දෙන විෂය පථයේ පෞරුෂය ගැන සැළකිලිමත් විය යුතුය.”චක්‍රලේඛය මං තමයි,මං ජනාධිපති” කියන ආකාරයේ උද්ධච්ඡ දේශපාලන හැසිරීමක් පෙන් වූ ගෝඨාභය රාජපක්ෂට අත් වූ ඉරණම ලංකාවේ දේශපාලකයාට හොඳ පාඩමකි.නමුත් ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වන්නේ දේශපාලකයාට ඇති අඩු ඉගෙන ගැනීමේ උනන්දුව සහ වැඩි පුර ඇති පුරාජේරු උද්ධච්ඡකම නිසාය.මේ ඒ සම්බන්ධයෙන් ලියන තවත් එක් පරිච්ඡෙදයක් විය යුතුය.වැඩේ වරදින කොට අසළ සිට ප්‍රශස්ති නිර්මාණය කර තමන්ගේ ඉලක්කවලට ළඟා වීමට උත්සාහ කළ පුද්ගලයෝ කිසිවෙකුත් නො’රැඳෙනු ඇත.

ක්‍රිකට් හි ඇති ගැටළු විසදීම සඳහා පිටිය සකස් කළ යුත්තේ අයිසීසී සමඟ මිස ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව සමග නොවන බවත්,රටක් යනු ලෝකයට වඩා කුඩා එකක් බවත් තේරුම් නොගන්නා ලංකාවේ දේශපාලනය ලෝකය මත පසුපසින්ම සිටින රටක් හැටියට තව දුරටත් රැඳෙනු ඇති බව ක්‍රිකට් අර්බුදයේ දේශපාලන මැදිහත්වීම පෙන්වා දෙන ඛේදණිය තත්ත්වයයි.මෙය දැන් රොෂාන් රණසිංහ පිළිගන්න කියා ඔහු විසින් ජනාධිපතිට සහ කැබිනෙට්ටුවට කරන බලපෑමටත්,ජනාධිපති සහ කැබිනෙට්ටුව පිළිගන්න කියා රොෂාන් රණසිංහ වෙත ඔවුන් කෙරෙන බලපෑමටත් යටත්ව ඇති තරගයක් වි ඇත.එසේම මේ දෙයාකාරයේ හැඩය නිසා රොෂාන් රණසිංහට රොෂාන් රණසිංහම අභියෝගයක් වන තැනටත් මේ තරගයේ ස්වභාවය පත්ව තිබේ.

ඡායාරූපය මෙම සටහනට සෘජුවම අදාළ නොවුණ ද,එහි ඇත්තේ රොෂාන් රණසිංහ පාර්ශවය විසින් ඇත්ත ප්‍රශ්නයට පය තබන්නට පෙර තැනෙක තබා ඇති ආකර්ශණිය ප්‍රදර්ශන පූවරුවය.බොහෝ අය එහි නැවතෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan