සීනි ගැන ජනතාව බිය විය යුතු නෑ, හංගපු සීනිත් ජනතාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විවිධ පුද්ගලයන් විසින් නීතිවිරෝධි ලෙස සඟවා තබා ගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන, පාලන මිල යටතේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරීය කියා සිටී.

පාරිභෝගික පනත යටතේ ඒ සඳහා ප්‍රතිපාදන පවතින බව එම අධිකාරිය පවසන අතර, මේ වන විට සීනි තොග සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීමට දීප ව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් වේ.

පෑලියගොඩදි එවැනි ගබඩාවකට ඊයේ දිනයේ දී මුද්‍රා තබා ඇති අතර, එහි තිබූ සීනි තොගයේ බර මෙට්‍රික් ටොන් 270 කි. තවද, පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ ස්ථානයක් ද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි වටලා ඇත.

එහි තිබූ සීනි මෙට්‍රික් ටොන් 05 ක් ද සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

පසුගිය දින කිහිපයේදි පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ ස්ථාන 300 කට අධික සංඛ්‍යාවකට එරෙහිව පසුගිය දින කිහිපයේදි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් ප්‍රකාෂ කලහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...