වසර 06 කට පසු චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවට ගොඩ බසී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ සංචාරයකට එක්ව තිබේ. ඒ මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට ළඟා වී ඇත. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමකට අනුව බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපතිවරයා අඟහරුවාදා එක්සත් ජනපදයට පැමිණියේ වසර හයකට පසුව බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට පැමිණ චීන ජනපති මහත් හරසරින් පිළිගෙන ඇති අතර, කැලිෆෝනියා හි ආණ්ඩුකාර ගැවින් නිව්සම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් සහ චීනයේ ඇමරිකානු තානාපති ආර්. නිකොලාස් බර්න්ස් යන මහත්ම මහත්මීහු ද එහි පැමිණි බව සඳහන් වන වේ. තවද චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති ෂිය් ෆෙංග් මහතා ද පැමිණ සිටි බව වාර්තා වේ.

ෂී ජින් පිං ජනාධිපතිවරයා සැන් ප්‍රැන්සිස්කෝ නුවර ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සැන් ප්‍රැන්සිස්කෝ හීදී ඇමරිකාන් ජනාධිපති සහ චීන ජනාධිපති ද්විපාර්ශ්වීය රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත අතර, ඇමරිකාවේ පැවැත්වෙන Asia-Pacific Economic Cooperation (APEC) සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව්ද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...

බ්‍රසීලය සිය ආරක්ෂාව තර කරමින් වෙනිසියුලාවේ දේශසීමාව අසලට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සැළසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(08)දිනයේ බ්‍රසීල සාඕ...

දිට්වා ආපදාව නිසා පූර්ණ හානි නිවාස වෙනුවෙන් වන්දි හා නව නිවාස ඉදිකිරීමේ සමාරම්භය අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ, දිට්වා සුළි...