රනිත්මා බහරේන් සූරතාවයට කිට්ටු කරයි.ඉසුරි සහ සිතුමි ද අවසන් පූර්ව වටයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 16, (LNW) කොළඹ:බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී රනිත්මා ලියනගේ විසින් රශ්මි මුදලිගේ පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙනවා.විනාඩි 27 ක කාලයක් පැවති මෙම තරගයෙන් රනිත්මා ජයග්‍රහණය ලබා ගන්නේ ලකුණු 21-14 ක් සහ 21-11 ක් ලෙසයි.තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩිකාවන් අතර අංක දෙකට ශ්‍රේණිගතව සිටින රනිත්මා අවසාන පූර්ව තරගයේදී තරග කරන්න නියමිතව ඇත්තේ පිලිපීනයේ ගුෂ්මාන් මිකීලා ජෝයි සමගයි.

ඉකුත් වසරේ කසකස්තානයේ පැවති APACS ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ සූරිය වන්නට සමත් වී ඇතත් ගුෂ්මාන් මිකීලා මේ මොහොතේ ජාත්‍යන්තර පිටියේ රනිත්මාට වඩා පසුපසින් සිටිනවා.මෑත කාලයේ දක්වන ලද දස්කම් හේතුවෙන් රනිත්මා ලොව කණිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර 31 වන තැන ද,ජාත්‍යන්තර මට්ටමෙන් 116 වන තැනද පසු වෙනවා.
බහරේන් තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් තරගාවලියට අනුව ශ්‍රේණිගත කිරීම් කරද්දී රනිත්මා දෙවන තැන සිටියත්,නොවැම්බර් 12 වන දා කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව බහරේන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටි පෝලන්තයේ වික්ටෝරියා ඩබ්ෂියෙන්ස්කා මේ වන විට සිටින්නේ 122 වන තැනයි.තරගාවලියට අදාළව කරන ලද ශ්‍රේණිගත කිරීම් කර ඇත්තේ ඔක්තෝම්බර් 29 වන දා යි.ඊට ඇතුළත් වන දත්ත වන්නේ ඔක්තෝමබර් 22 වන දා ශ්‍රේණිගත කිරීම් වන අතර එහිදී රනිත්මා 142 වන තැන සහ වික්ටෝරියා 137 වන තැන රැදී තිබෙනවා.
අවසන් ප්‍රතිපලය තරගයෙන් තරගයට දක්වන දක්ෂතා මත එම මොහොත විසින් තීරණය කරන ක්‍රීඩාවක් බැවින් බැඩ්මින්ටන් තරගාවලියක අවසානය ගැන කිව නොහැකියි.එහෙත් මේ තරගාවලියේ දැනට තිබෙන තත්ත්වයන් සමඟ ඩොලර් 5000 ක ජය මල්ලේ කාන්තා සූරතාවයට වඩාත් සමීපව සිටින්නී රනිත්මා බව පැවසිය හැකියි.

එසේම කාන්තා යුගල තරග නියෝජනය කරන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ද සිටින්නේ අවසාන පූර්ව වටයට පිවිසයි.රනිත්මා 17 වන වියේ පසුවන අතර ඉසුරි සහ සිතුමි 15 වන වියේ පසු වීම අනාගතය ගැන සිතන විට සතුටු විය හැකි කාරණා.අවසන් අට දෙනාගේ වටයේදී ඉසුරි සහ සිතුමි විසින් පරාජයට පත් කළේ බහරේන යුගයක් වන ලිසාබෙත් එල්සා බිනූ සහ නේහා සුසාන් බිජූ යි.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ 21-10 සහ 21 – 19 ක් ලෙසයි.ඔවුන් අවසාන පූර්ව තරගයේ දී ඉන්දියාවේ අනන්‍යා ප්‍රවීන් සහ ප්‍රේරර්නා එන් සෙට් මුණ ගැසීමට නියමිතයි.අනන්‍යා මේ තරගාවලියේ කේවල අංශයේදී ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ අතින් පරාජයට පත් වූ ක්‍රීඩිකාවක් වන අතර අනන්‍යා අවුරුදු 22 ක ක්‍රීඩිකාවක් වන අතර ප්‍රෙරර්නා 18 හැවිරිදියි.

අර්ධ අවසන් වටයට පිවිසි අශිංසන හේරත් ඉරානයේ අලි හයිටි සමඟ තියුණු තරගයක යෙදෙමින් පසුව වට 2-1 ක් ලෙස පරාජයට පත් වුණා.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21-14,17-21 සහ 21-13 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...