පැරදුන අය ලැයිස්තුවෙන් එපා.රුවන්ට හා සාගලට එරෙහිව සිලින්ඩර විරෝධයක්!

Date:

කොළඹ LNW: මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද පරාජය හමුවේ ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක මැතිවරණයෙන් පරාජය වූ කිසිවෙකුට හෝ ලබා නොදෙන ලෙස සිලින්ඩරයේ ජ්‍යෙෂ්ඨයින් හා පාක්ෂිකයින්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයන් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට හා එජාපය හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ශවයෙන් හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක වෙත ලබා දීමට එකඟතාවක් තිබෙන පසුබිමක මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයින් දෙදෙනෙක් වන රුවන් විජයවර්ධන හා සාගල රත්නායක පත්කර ගැනීම වෙනුවෙන් තවත් පිරිසක් උත්සහ දරමින් සිටින බවටයි වාර්තා වුණේ.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය අවසාන සමයේදී දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණි තලතා අතුකෝරල ද මෙම ජාතික ලැයිස්තු අසුනකට රිංගා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද සඳහන්.

ඉදිරි දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සහ දැරීම තුළ තවදුරටත් එජාපය මෙන්ම සිලින්ඩරයද දේශපාලන සුසානයට යාමක් මිස යළි ගොඩ ඒමක් නම් නොමැති බවටයි දැන් ඔවුනොවුන් අතර සංවාදයට ලක්වෙමින් ඇත්තේ.

දිනේෂ් ගුණවර්ධන හා රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාද එකඟතාව පළකර ඇති හෙයින් බහුතර කැමැත්තක් ඇති එම තීරණය ක්‍රියාත්මක විය යුතු බවටයි සිලින්ඩරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...