දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 62 වියේ පසුවිය.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා මහතා අමාත්‍යාංශ ලේකම්වරයකු සහ දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධානි තනතුරු ඇතුළු තනතුරු කිහිපයක්ම දරා ඇති ජ්‍යේෂඨ පරිපාලන නිලධාරියෙකි.

ඒ මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර තනතුරට පත් කරන ලද්දේ 2025 සැප්තැම්බර් 25 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...