රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW :
මේ ආණ්ඩුව ජනතාවට මැතිවරණයේදී පොරොන්දු වූ කිසිම පොරොන්දුවක් ඉටුකර නොමති බවත් , ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ පැවසීය.
“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරල නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැල.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා ,මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා.. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ..ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි”
