ආණ්ඩුවේ මාධ්‍යයක ගිය බොරුව ගැන විපක්ෂනායක සජිත්ගෙන් පිළිතුරු (VIDEO)

Date:

පසුගිය ඉරිදා ආණ්ඩුවේ එක්තරා ජාතික යැයි කියාගන්න පත්තරේක මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ” විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි”යනුවෙන් පළ කොට ඇති ප්‍රවෘත්තිය සහමුලින්ම අසත්‍ය බවත් මේ පුවත පලකිරීම පිළිබඳව අදාල පාර්ශව වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකතුමාගේ ඉල්ලා සිටියේය.

තමන් නිරන්තරයෙන්ම නිදහස් හා ස්වාධීන මාධ්‍යයට මාධ්‍යයට ගරු කරන අතර කොන්දේසි විරහිතව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, එහෙත් ආණ්ඩුවේ අසත්‍ය මාධ්‍ය ක්‍රියාකලාපය හෙළා දකින බවත් පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම පිළිබඳව රැස්වීම් වාර දෙකක් පැවති බවත් ඒ මාර දෙකේදීම දෙකේදීම ඉතාම සද්භාවයෙන් ඊට තමන් සහභාගි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එවන් තත්ත්වයක් තුළ ස්වාධීන කොමිෂන් සභා වලට පත් කිරී. ප්‍රමාද වෙන්නේ විපක්ෂ නායකවරයා නිසාද කියා තමන් කතානායකවරයාගෙන්ද විමසා සිටින බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීම සිදු කරන ලෙසද ඉල්ලා සිටි අතර කතානායකතුමා එහිදී පැහැදිලි කළේ මේ කටයුතු සඳහා විපක්ෂ විපක්ෂ නායකතුමා ගෙන් කිසිදු ප්‍රමාද වීමක් හෝ අවහිරයක් සිදු සිදු නොවූ බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...