හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල්යයි

Date:

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් සිරකර තබාගෙන වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව 2023 ජනවාරි 30 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් ය.

ඒ අනුව නඩු විභාගය කල්තබන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මෙම නඩුව දැනටමත් වසර 6ක් පමණ ප්‍රමාද වී ඇති බවයි.

කෙසේවෙතත් විත්තියේ ඉල්ලීමට ඉඩදෙමින් නඩුව ජනවාරි 30 වනදා දක්වා කල්තැබූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙසේ නඩුව කල්තබන්නේ අවසන් වතාවට බවත් ජනවාරි 30 වනදාට අනිවාර්යයෙන්ම නඩුව විභාගයට ගන්නා බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...