දැඩි අනතුරක වැටුණු රටේ ආර්ථිකය දැන් සතුටුදායකයි – මහබැංකු අධිපති

Date:

රුපියල අවප්‍රමාණයට සහ උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන හේතු කිහිබලපෑ බව මහබැංකු අධිපතිතුමා පවසයි .

ශ්‍රී ලංකා මහබැංකු අධිපතිතුමා මේ බව 2022.11.15 දින මුදල් අමාත්‍යාංශ සම්මන්ත්‍රණයක් අමතමින් කියාසිටී . රට මෙවැනි අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැයේ අන්තර් ගත බව මහබැංකු අධිපතිතුමා කීවේය .

ජනවාරි මාසයෙන් පසු අපගේ සංචිත තිබූයේ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයකයි. අපට ණය ගෙවීමට තවදුරටත් හැකියාවක් නොමැතිව තිබියදී මහ බැංකුවෙන් ඩොලරයේ අගය රුපියල් 203 ට පවත්වාගෙන ගිය අතර , සංචිත තිබූ ප්‍රමාණයත් ණය ගෙවීමට සහ ඉන්ධන ගෙන්වීමට වියදම් කල බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය .

එසේ කිරීමටත් නොහැකි වූ විට මාර්තු මාසයේ රුපියල පාකර හැර , කිසිදු පාලනයකින් තොරව රුපියල 203 සිට එක්වරම 365, 380 දක්වා ඉහළට යෑම සිදුවිය. දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි විය. එවිට ඊළඟ විසඳුම වූයේ මුදල් ප්‍රතිපත්තිය වැඩි කිරීමයි . ඒ අනුව අප්‍රේල් මාසයේ සිට පොලී අනුපාතය වැඩි කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය. ඒ සමඟම මුදල් අච්චු ගැසිම අඩු කර ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගනු ලැබූ බවද මහබැංකු අධිපතිතුමා තවදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...