*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අපි නොදත් ඉන්දියන් දත්

“දතක් ගලවන්ඩත් ස්ටයිල් එකක් තියෙනවා. ආවට ගියාට දත් ගලවන්ඩ බෑ බ්‍රෝ.” ලෝකයා ඔහොම කියනවා අපි අනත්තවත් අහලා තියෙනවා. දත් ගැලවිලි හොඳටම කරන්නෙ ඉන්දියාවෙ කියල baltimora කියනවා. සිරාවට? ඒ කොහොමද කියලා උඹලා අනිවාර්යයෙන්ම අහනවා. ඉතිං එහෙනං අහලගනිල්ලා.

ඉන්දියාවෙ ඩෙන්ටිස්ලා ගැන , ලංකාවෙ අපි දැනගන්නෙ ඉෂී අම්මා හරහා. ඒ කිව්වෙ, ‘මේ ආදරයයි’ කියලා ඉන්දියාවෙන් ලංකාවට වඩම්මවපු මාගල් ටෙලියක් තිබ්බා කට්ටියට මතකැති. ඔන්නෝකෙ මේන් ෆීමේල් කැරැක්ට‍ර් එක කරපු ඉෂී අම්මත් ඩෙන්ටිස්ට්. හැබැයි ඉන්දියාවෙ ඉන්න හැම ඩෙන්ටිස්ට් කෙනෙක්ම ඉෂී අම්මාගෙ ඩෙන්ටිස්ට් භූමිකාව රඟපාන්නෑ. ලංකාවෙ ගත්තත් දත් දොස්තර කියන්නෙ ඉස්පිරිතාලයක් ඇතුළෙ ඉඳන් දත් ගලවන, දත් හිටවන, දත් මද්දවන , දත් සුද්දකරන පොරක්.

ප්‍රයිවට් බෙහෙත් කරන ඩෙන්ටිස්ලත් ඕන තරම් ඉන්නවා. අපි අහල තියෙන විදියට ලෝකෙ ඕනම වර්ගයේ දොස්තර කෙනෙක් බෙහෙත් කරන්නෙ එහෙමයි. අවුට්ඩෝ සංවිධානය කරන ටෙම්පරි සායනයක ඇරෙන්න එළියෙ පාරක් අයිනෙ මේසයක් දාගෙන බෙහෙත් කරන වෛද්‍යවරු කට්ටිය දැකලා තියෙනවා ද?

ලෝකෙ එහෙම උනාට ඉන්දියාවෙ එහෙම නෑ බ්‍රෝ. එහෙ ඉන්නවා ස්ට්‍රීට් ඩෙන්ටිස්ලා කොටසක්. ඝෝෂාකාරී වාහන , වටේපිටේ දහස් ගානක් මිනිස්සු නොසලකා හරිමින් තමන්ගෙ පාඩුවේ දතක් ගලවගෙන ඉන්න වීදි දන්ත වෛද්‍යවරු ඉන්දියාවෙ බුරුතු පිටින් ඉන්නවා. මේක ටිකක් ක්‍රිටිකල් ඉශූ එකක්. ස්ට්‍රීට් ඩෙන්ටිස්ල නං කියන්නෙ, දතක් වෙනුවෙන් රුපියලක්වත් වියදං කරන්න අපහසු ඉතාම දුප්පත් ඉන්දියානුවො දිහා බැලුවම මේක ලොකු සේවාවක්‍ කියලයි. හදවත අතට අරන් හිතුවොත් ඒක ටූ සෙන්සිටිව් තැනක්. 

මේ දත් සවිකිරීම , ගැලවීම වගේ දේවලට  ඒ අය පාවිච්චි කරන අමුද්‍රව්‍යයි මෙඩිකල් ටූල්සුයි ඒ තරම් ආරක්ෂිත ඒව නෙවේ. ඒ ගැන එයාලා කොන්ෂස්. ඒ නිසා ඒගොල්ලො මෙහෙමත් කියනවා. ” මේ වැඩේ කිසිසේත්ම සනීපාරක්ෂක නොවන බව දන්නවා. ඒත් නවීන මෙවලම් පාවිච්චි කරන්න ගත්තොත් මිල අධික වෙන නිසා දුප්පත් මිනිස්සු එන්නෙ නැතුව යනවා.” සමහර ටූල්ස් විෂබීජහරණයෙන් පවා තොරයි. 

මෙතන ඉන්න සමහරු විධිමත් පුහුණුවක් ලබපු අය නෙවේ. පියාගෙන් පුතාට ලැබෙන රජකමක් වගේ , පියාගෙන් පුතා ‘දත් ගැලවීමේ’ බැට්න් එක ලබා ගන්නවා. තනිකර බිස්නස් එකක් විදියට තමා මේ වැඩේ වෙන්නෙ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දුප්පතුන් වෙනුවෙන් කරන සේවාවක් කියලත්. ඉන්දියානු වෛද්‍ය සංගමේට පවා මේක නතර කරන්න නොහැකි තත්ත්වයකට ඇවිත් තියෙනවා. මොකද, දන්ත වෛද්‍ය ලයිසන් එක අරගෙන විධිමත්ව වෛද්‍ය විද්‍යලාලවලින් පිටවෙන වෛද්‍යවරු රට ඇතුළෙ හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා ලයිසන් නැතුව වැඩේ කරන වීදි දොස්තරලට පොඩි ඔපචුනිටි එකක් ලැබිලා තියෙනවා වැඩේ කරගෙන යන්න. 

ආටිෆිශල් දත් කට්ටලයක්  විනාඩි තිහකින් සවි කරන්න රුපියල අටසියයක් වගේ සුලු මුදලක් තමා මෙයාලා අය කරන්නෙ. එක දතක් හයි කරන්න ඉන්දියානු රුපියල් පනහයි. මේ යූස් කරන ටූල්ස් සබන් දාලා හේදුවට කිසිසේත්ම විෂබීජහරණය කරලා නැහැ. 

මේවා තනිකරම දේශපාලනිකව කතා කළ යුතු තැන්. දත් ගැලවන එකවත් ගලවන එකවත් හැමෝටම සුන්දර නෑ. මේවා ඇත්තටම ලෝකෙ වෙනව කියල හිතද්දි පුදුමාකාරයි. ලෝකෙ කට්ටියක්, ලොසින්ජරයක් කන්න ගියත් ඒකට රස පරීක්ෂකලා ඉන්නවා. තව කට්ටියක්, කිසිම ආරක්ෂාවක් නැතුව දතක් ගලෝගන්ඩ පාරක් අයිනෙ කට ඇරගෙන ඉන්නවා. මේ වගේ දේවල් පේන්ඩ සලස්සන එක කාටත් හොඳයි කියල baltimoraට හිතුණා. මොකද ලංකාවේ ඡන්ද දායකයත් දත ගලවන කං කට ඇරගෙන ඉන්න හාදයෙක් නිසා.

මෙන්න මේ ටිකත් කියල යන්න ඕන.

ලංකාවේ නං ස්ට්‍රීට් ඩෙන්ටිස්ට්ලා නෑ. මෙහෙ ඉන්නෙ ස්ටේට් ඩෙන්ටිස්ට්ලා. ඒ කිව්වේ සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරු ගැන නෙමේ. රාජ්‍ය අනුග්‍රහයයෙන් දත් ගලවන මහබැංකු හොරු වගේ පොරවල් ගැන. 

එහෙනං අපි ගියා..!

BALTIMORA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan