අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත රැලියෙන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

“කලින් ආණ්ඩුව පෙරළනවා කිව්වා, ඊටපස්සෙ ආණ්ඩු විරෝධයක් කිව්වා, පස්සෙ කිව්වා ආණ්ඩුවෙ පොරොන්දු මතක් කරන රැලියක් තියෙන්නෙ කියලා. ඉතින් මේ විදියට ඒ කට්ටියගෙත් 21 වෙනිදා රැලියේ අරමුණ වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අපි නෙවෙයි, ඒ රැලිය සංවිධානය කරන කට්ටියගෙම ගැලපෙන්නෙති නැති කතා තියෙන්නෙ. අද එක කතාවක් කියනවා, හෙට වෙන කතාවක් කියනවා. ඒ නිසා මං හිතන්නෙ මේක ජනතාවටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ 21 වෙනිදා මොකක්ද කරන්න යන්නෙ කියලා. ඒ නිසා හොඳම වැඩේ තමයි 21 වෙනිදා මොකක්ද කෙරෙන්නෙ කියලා 21 වෙනිදායින් පස්සෙම බලාගන්න එක”

“මේකෙන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ. ජාතික ජන බලවේගයේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, ජාතික ජන බලවේගයේ දේශපාලනයට අභියෝග කරන්නත් කාටවත් බෑ. මේ වගේ කුඩා කෙඳිරිලිවලින් අභියෝග කරන්න පුළුවන් කියලා අපි හිතන්නෙ නෑ”

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...