Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර් 13 වනදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ.
ඒ, විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වන උපායමාර්ගික හවුල්කාරීත්වයක් සඳහා ය.
චීනයේ නිෂ්පාදිත BAW (Beijing Automobile Works) සහ Wuling විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහැරීම Browns EV සමාගම විසින් සිදුකරනු ලබයි. සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට බ්‍රෑන්ඩ් නිව් කුඩා මෝටර් රථ මාදිලි කිහිපයක්ම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දී ඇත. LB Finance යනු මෙරට වාහන මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම් සපයන සමාගම් අතර ප්‍රමුඛ පෙළේ සමාගමකි.
Browns EV සමාගම ඉෂාර නානායක්කාර මහතා හිමිකාරීත්වය දරණ Browns සමූහය යටතේ පවතින අතර LB Finance සමාගම ධම්මික පෙරේරා මහතා හිමිකාරීත්වය දරණ Vallibel One සමූහය යටතේ පවතී.



