ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW:

ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට සීමා වුණ සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් 15 වන දින දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවත් වූ අතර එහිදී සූරතාවය දිනා ගන්නට සමත් වුණේ ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාල ඒ කණ්ඩායමයි.සූරතාවය වෙනුවෙන් ජයග්‍රාහී කණ්ඩායමට රුක්ෂාන් බෙල්ලන අභියෝගතා සූරතා කුසලානය සමඟ රුපියල් 40000 ක මුදලක් හිම වූ අතර අනු සූරතාවය හිමි වූ බී කණ්ඩායමට කුසලාන සමඟ රුපියල් 20000 ක ත්‍යාග මුදලක් හිමි විය.


පාසල් අවදියේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කිරීමට විශාල ශක්තියක් ලබා දී තිබූ අතර මේ සඳහා වන අනුග්‍රහය ලබා දීම සඳහා ව්‍යාපාරික අජිත් කරුණාරත්න ඉදිරිපත් වී තිබිණ.


තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙන්ම චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහද එක් වී සිටි අතර තරගාවලියේ හොඳම පන්දු යවන්නා මලිත් ලක්ෂාන් තරගාවලියේ වීරයා මලින් ලක්ෂාන් හොඳම පිතිකරුවා දසුන් කුමාර ලෙස ක්‍රීඩක දක්ෂතාද ඇගයීමට පාත්‍ර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...