GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW :

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් අපොහොසත් වී ඇති බවත් ඊට විසඳුම් ලබා දෙන ලෙසත් රජයට බල කරමින් පෙරවරු 08ට දිවයින පුරා සියලුම රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...