බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

0
987

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW :

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. ඒ, බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

මහ බැංකුව පවසන්නේ, බැංකු අයකරන පොලිය සම්බන්ධයෙන් එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට තමන්ට නොහැකි බවයි.

කෙසේවෙතත් අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව පවතින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, එවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 19 35 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දිය හැකි බවයි.