වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

Date:

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ ඩීසල් තෙල් රැගත් බවුසරයක් එකිනෙක ගැටීමෙන් ඇතිවූ ගින්නට හසුව පුද්ගලයින් 42දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එලෙස මියගොස් ඇත්තේ ඉන්දීය වන්දනාකරුවන් පිරිසක් බව වාර්තා වන අතර මෙම කණ්ඩායම තම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මක්කම සිට ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවන විට බොහෝ මගීන් නිදාගෙන සිටි අතර ගැටීමෙන් පසු බස් රථය ගිනි ගන්නා විට ඔවුන්ට පැන යාමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බව සඳහන්.

විපතට පත්වූවන් අතර අවම වශයෙන් කාන්තාවන් 11 දෙනෙකු සහ දරුවන් 10 දෙනෙකු සිටින බව වාර්තා වෙයි. අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති හෙයින් අනතුරට පත්වූවන් හඳුනා ගැනීමද අතිශයින් අභියෝගාත්මක බවද දැක්වෙයි.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි ගැලව ගෙන ඇති අතර තුවාල ලබා ඇති එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...