රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW :
TLC Triathlon 2025 නමින් ඉන්දිරා පිළිකා භාරය විසින් සංවිධානය කළ පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වැඩසටහනේ අවසන් අදියර කොළඹ මහනගර පරිශ්‍රයේදී ඊයේ (16) දිනයේදී පැවැත්වුණි.

පිහිණීම, බයිසිකල් පැදීම සහ දිවීම ඒකාබද්ධ කරමින් ට්‍රයැත්ලෝන් නමින් තරගාවලියක් මීට සමගාමීව සංවිධාන කර තිබුණි.

සෞඛ්‍ය වෘත්තිකයන් හා පුහුණු ස්වෙච්ඡා සේවකයින් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම ද සිදු කෙරුණේ මීට සමගාමීවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක කරූජයසූරිය, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.










