දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/17

Date:

1. මහ බැංකුව නොවැම්බර් 15 වැනි දින රු. බිලියන 130 ක දැවැන්ත භාණ්ඩාගාර බිල්පත් “විශේෂ නිකුතුවක්” නිකුත් කරයි – නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයා යටතේ “මුදල් මුද්‍රණය” රු. බිලියන 840 ක විශ්මයජනක අගයකට ළඟා වී ඇත – ඔහු යටතේ “මුදල් මුද්‍රණය” දිනකට සාමාන්‍යය රු. බිලියන 3.8 දක්වා ඉහළ යයි – ඩබ්.ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහබැංකු අධිපතිවරුන් යටතේ දිනකට සාමාන්‍ය නිකුතුව රු. බිලියන 2.2 ක් වී පැවතුණි.

2. පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 20 ට පෙර පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විපක්ෂ දේශපාලන පක්ෂවලට සහතික වෙයි.

3. 2023 අයවැය නිෂ්ඵල ලියවිල්ලක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි – අයවැය සම්පාදනයට ජාත්‍යන්තර බලපෑම් සිදු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි – සියලුම මන්ත්‍රීවරුන්ගේ ආදායම් බදු ලිපිගොනු විවෘත කළ යුතු බව ද වැඩි දුරටත් අවධාරණය කරයි.

4. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වහා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

5. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ප්‍රමාද වැඩි බව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ජාතික කවුන්සිල අනු කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි – මීට පෙර, මාස 6 කින් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අරමුදල් ලබා ගැනීමට රජය සහ මහ බැංකුව අපේක්ෂා කළ අතර වර්තමානය වන විට අරමුදල් ලැබීමේ කාලය දිනෙන් දින දීර්ඝවන බව පෙනී යයි.

6. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහජන උද්ඝෝෂණවලදී පොලිස් නිලධාරීන් වැළඳ ගැනීම් ඔවුන් අපහසුතාවයට පත්කිරීමේ උපක්‍රමයක් බව කුරුඳුවත්ත පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියි – එය ඇගේ අරමුණු සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමවේදය (modus operandi) බව තමා විශ්වාස කරන බවත් ප්‍රකාශ කරයි.

7. කොටස් ආසන්න මාස 3-1/2 ක කාලය තුළ අවම මට්ටම වන සියයට 2ටත් වඩා පහත වැටීමක් සිදුවෙයි – තැරැව්කරුවන් පවසන්නේ ආයෝජකයන් 2023 අයවැය ප්‍රතිපත්තිවල බලපෑම්වලට ප්‍රතිචාර දක්වන බව පෙනී යන බවයි – කොටස් වෙළඳපොලේ කාර්තුමය ඉපැයීම් 2022 තෙවන කාර්තුවේ දී අපේක්ෂිත මට්ටමට වඩා පහත වැටී ඇත.

8. ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානි ජසින් ආරච්චි විසින් ලැබූ උසස්වීම අවලංගු කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්! – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 මැයි 18 වැනි දින එම පෙත්සම සලකා බැලීමට නියමිතය.

9. ආගමන විගමන දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වැඩි කරයි – නව ගාස්තු: සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා රු. 5,000 ක්; එක් දින සේවය සඳහා රු. 20,000 කි.

10. දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa, G20 සමුළුවට සහභාගී වීමෙන් පසු කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ –  කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි – දෙපාර්ශවය අතර ද්වීපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...