කෝප් කමිටුවේ මහාචාර්ය සභාපතිට ශ්‍රී ලංකා විගණන සේවා සංගමයත් එරෙහි වෙයි!

Date:

කොළඹ LNW:වර්තමාන කෝප් සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බයි එම ලිපියේ දක්වා ඇත්තේ.

අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ COPE සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබූ කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් ව්‍යවස්ථාව මගීන් පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් නිසිලෙස ඉටුනොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.

එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම.

කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම.

කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරන මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.

කෝප්‌ කමිටුව පැවැත්වීමට පූර්ව දිනයක දී කමිටුව වෙත ඉදිරිපත්‌ වන කරුණු සම්බන්ධයෙන්‌ විගණකාධිපතිතුමා ඇතුළු නියෝතයින්‌ සමඟ සාකච්ඡාකර එකී කරුණු නිවැරදිව වටගාගෙන ඊට අනුකූලව සභාව මේහෙයවීම් සඳහා හිටපු සභාපතිවරුන් පූර්ව කෝප් කමිටු රැස්වීමක් පැවැත්වූ නමුත් එවැනි කමිටු රැස්වීමක්‌ පැවැත්වීමේ සම්ප්‍රදායෙන්‌ බැහැරව කටයුතු කරන බව පෙන්වාදීම.ලෙස දක්වා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?