අත්‍යවශ්‍ය ඖෂධ 100ක මිල පාලනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (16) සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී පැවසූවේ, දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බැවින්, තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බවයි. එය ක්‍රියාත්මක කල විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බව ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ .

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, එක් ඖෂධයක් වෙළෙඳ නාම 10කින්, 15කින් පමණ තිබෙන බවත් සාධාරණ මිලක් නියාමනය කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිල දී ගැනීමට හැකි බවයි. ඖෂධ, ආර්ථිකය සම්බන්ධ විශේෂඥවරුන් 11කින් සමන්විත කමිටුවකින් මෙම මිල පාලනය තීරණය කරන බවද ඔහු පැවසුවේය.

අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862ක් රට තුළ සංසරණය වන බවත්, ඉන් 675ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...