අඩුපාඩු හදා ගෙන ඉස්සරහට යනවා – නාමල් කියයි

Date:

කොළඹ LNW:පක්ෂයක වැටීම මෙන්ම නැගිටීම මෙරට දේශපාලනයේ සාමාන්‍ය දෙයක් වන අතර තම පක්ෂයේ මෙන්ම තමන්ගේ ද අඩුපාඩු හදා ගනිමින් ජනතාවාදි පක්ෂයක් වශයෙන් ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (18) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහා නා හිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ව්‍යූහයේ වෙනසක් සමගින් ඉදිරියේදී වඩාත් පුළුල් වශයෙන් දේශපාලන කටයුතුවල නියැලෙන බවයි රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට වෙනත් පක්ෂයකට ගොස් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු නැවත පක්ෂයට බඳවා ගැනීමේ ස්ථිර තීරණයක් මේ දක්වා ගෙන නොමැති නමුත් ඔවුන් සමඟ පාර්ලිමේන්තුවේ එක්ව විපක්ෂය වශයෙන් කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...