පක්ෂයක් විදිහට කරන්න ඕන දේවල් අපි කලේ නැහැ. ඉතින් අපි පරාදයි – මරික්කාර්

Date:

කොළඹ LNW:”පහුගිය කාලේ අපිට ඕන තරම් අවස්ථාව තිබුණා විශේෂයෙන් සමාජ මාධ්‍ය පරිශීලනය වෙනස්කරමින් ඒ හරහා මතවාදය ගොඩනගන්න. අපි පක්ෂයක් විදිහට ඒවා කරේ නැහැ. අපි පක්ෂයක විදිහට කළ යුතු බොහෝ දේ තිබුණා ඒවා කරලා නැහැ. ඒ නිසානේ අපි පැරදුණේ.” යනුවෙන් සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) සමඟි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පරාජය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමිනි.

”පරාජය වෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු එකපාර මාධ්‍ය ඉස්සරහ කතා කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපි පැහැදිලිව ස්වයං විවේචනයක් කරගන්න ඕනේ. පැහැදිලිව ඒ හේතු අධ්‍යයනය කරන්න ඕනේ. ඒ හේතු පිළිඅරගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එක කාරණයක් තමයි අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕනේ දක්ෂිණාංශික කඳවුර දෙකට බෙදීම හරහා දක්ෂිණාංශික මතය නියෝජනය කරන ජනතාව ජන්ද පොළට ආවේ නැහැ.”

මේ අතර ජනාධිපතිවරණය පරාජය වීම නිසා මහ මැතිවරණයේ ප්‍රචාරණය පක්ෂ නායකත්වය විසින් අතහැරියා ද යන්න පිළිබඳව ද මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

”මහ විශාල බලාපොරොත්තු කන්දරාවක් තියාගෙන ජයග්‍රහණය පෙනී පෙනී තිබිලා පැරදුනහම අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු විදිහට වැටෙනවා. අපේ පාක්ෂිකයෝ වැටුණා. අපේ සංවිධායකයා වැටුණා. ඒක ඇත්ත. එතකොට අපි ඉතාම දුෂ්කර මැතිවරණ ව්‍යාපාරයක් තමයි කරගෙන ගියේ. උපරිම ලෙස මහන්සි වුණා එක්සත් ජාතික පාක්ෂිකයන්ව එකතු කරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට ජන්දය දුන්න අය එකතු කරගන්න. මොකද අපි යම් යම් වෙනස්කම් සහිතව එකම මතවාදය නියෝජනය කරන කණ්ඩායමක්. ඒ පාක්ෂිකයෝ ආවේ නැහැ. අපිට විතරක් නෙවෙයි ඉතිහාසයේත් එහෙමයි. ප්‍රධාන මැතිවරණයක් පරාජය වුණහම ඊළඟ මැතිවරණයට මුහුණ දීමේ දුෂ්කරතා එනවා. අභියෝග තියෙනවා. ආර්ථික ප්‍රශ්න එනවා. සංවිධාන කටයුතුවල ප්‍රශ්න එනවා.’ යනුවෙන් ඊට හිටපු මන්ත්‍රීවරයා පිළිතුරු දෙන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...