පාර්ලිමේන්තු පළමු සභා වාරය ආරම්භ වන්නේ මෙහෙමයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):

එළැඹෙන නොවැම්බර් 21 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව , දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මහලේකම්වරිය,

“පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග උත්තමාචාර වෙඩිමුර සමග ජයමංගල ගාථා ගැයීම සම්ප්‍රදායයි.  නමුත් මෙහිදී ඉතා චාම්ව මේ උත්සවය සිදු කිරීමට අපිට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාව පැළඳුම් කාමරයට කෙලින්ම කැඳවාගෙන යාමට නියමිතයි. විනාඩි කිහිපයක් එහි අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු පැළඳුම් කාමරයේ සිට එතුමාව පෙරහැරින් සභාගර්භය කරා කැඳවාගෙන යනවා. මූලාසනයේ වාඩි වෙලා තමයි ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිත වන්නේ.” ලෙස ඇය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...