මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල ඊයේ (17) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 08.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එහිදී වෙඩිවැදීමෙන් එම අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබුණු අතර පසුව ඇය මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරිය බව සඳහන්.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...