නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW:
පාසල් පැසි පන්දු සංගමයේ ක්‍රියා කළාපය සහ එය අනාගත පැසි පන්දුවේ දියුණුවට බලපාන අන්දම අපි මීට පෙරත් ලීවෙමු.ඒ කිසිවෙකු ව්‍යාපාරයක් කරගෙන සතුටින් ජීවත්විමට එරෙහිව නොවේය.අදටත් අයෙකුට එම අයිතිය යොදා ගැනීම ගැන අපට අර්බූදයක් ද නැත.එහෙත් ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රීඩාවක අනාගතය සම්බන්ධයෙන් වගකීමකින් තොරව කටයුතු කිරීම අනුමත කළ නොහැකිය.පාසල් සංගමයේ පිරිස් මේ භෞතික ලාභයේ කොටස්කරුවන් දැයි අපි නොදන්නෙමු.එහෙත් එයින් අනාගත පැසිපන්දුවට කරන අපරාධයට අදාළ පාපයේ කොටස්කරුවන් බව කිව යුතුය.
තාක්ෂණික මෙහෙයුම භාරව කටයුතු කරන පුද්ගලයා අප සෘජුව නමින් හෙළි කිරීම තව දුරටත් පමා කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන් නිවැරදි වීමේ හැඟීම පහළ වීම උදෙසාය.සිය ව්‍යාපාරය කේෂ්ත්‍රයේ දියුණුවට අදාළ කරුණු අනිවාර්ය කරමින් එයින් ලාභ ඉපයීමට අමතරව තරග කෙසේ හෝ පැවත්විම මිස ඒවායේ ප්‍රමිතිය නොසළකා හැරීම මේ ප්‍රසන්නමය නමක් ඇති ජයක් වෙනුවට ක්‍රීඩාවේ අනාගතයට පරාජිත සළකුණු එකතු කරමින් සිටින පුද්ගලයාගේ ක්‍රියා කළාපයය.

පහත දැක්වෙන්නේ අනාගත පැසි පන්දු විනිශ්චය කරන්නට සුදුසුකම් ලත් විනිසුරුවන් වෙනුවට පාසල් ළමයින්ද භාවිතා කරන බවට සාක්ෂිය.නිවැරදි විනිසුරුවන් වෙනුවට පාසල් ගුරුවරුන් පමණක් නොව පාසල් ළමයින් ද යෙදවීමෙන් එහි ගුණාත්මක බව පිළිගත් ක්‍රමවේදය උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටීම ගැන අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් මුනිවත රකින්නේ ඇයි ද යන්න මෙහිදි සොයා බැලිය යුතුමය.රටේ අග්‍රාමාත්‍යවරියම අධ්‍යාපනය භාරව සිටින රටක ඇයගෙන් කණෙන් රිංගා ක්‍රීඩාවක අනාගතය නොසැළකිල්ලෙන් තමන්ගේ ලාභය වෙනුවෙන් භාවිතයට ගැනීම සිඳු වෙමින් පවතියි.

මේ සමඟ දැක්වෙන්නේ ගම්පහ ප්‍රකට පෞද්ගලික පාසලක පැවති පාසල් තරග සඳහා වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙක් යොදා ගෙන තරගයක් විනිශ්චය කළ ආකාරයය.අප ඒ සිසුවාගේ නම ද,පාසලද මෙහි සඳහන් නොකරන්නෙමු.අවශ්‍යය පරීක්ෂණයකදී ඒ දේවල් ලබා දීමට හැකියාව ඇත.මෙවැනි දේ සඳහා තමන් සුදුසුකම් සපුරා නැත්නම් ඉදිරිපත් නොවී සිටීමට ක්‍රීඩා ගුරුවරුන්ද වගකිමෙන් කටයුතු කළ යුතුය.එසේම තමන් යටතේ සිටින සිසුවන් එවැනි වැඩ සඳහා බිලි දීමද නොකළ යුතුය.හොඳම දේ දරුවන්ට කියන සංකල්පය මත අධ්‍යාපන අමාත්‍යංශය පිහිටා කටයුතු කරන්නේනම් මේ ආකාරයට පුද්ගලයෙකුට හොඳම ලාභය ලබා ගැනීම වෙනුවෙන් පාසල් පැසි පන්දුව අව භාවිතයට ඉඩ දෙන්නේ නැත.

මේ පාසල් තරගය සම්බන්ධ ඡායාරූපම කෙතරම් වගකීමකින් වගකිව යුතු පුද්ගලයන් යොදවා ගෙන අනාගත පැසිපන්දු ජීවිත ගැන කටයුතු කරනවාද යන්න පිළිබදව අදහසක් ඇති කර ගැනීමට ප්‍රමානවත්ය.


