අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

Date:

ඕවින්දි විෂ්මිකා

නොවැම්බර් 18, ලෝකය (LNW):
මෙම සතියේ සංගීත ලෝකයේ අලුත් කැලඹීමක් ඇති කරමින් Breaking Rust නමින් හැඳින්වෙන කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කරන ලද ගායන ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද “Walk My Walk” ගීතය අඛණ්ඩව දෙවන සතියටත් Billboard Country Digital Song Sales Chart හි පළමු ස්ථානයට පත්ව ඇත.

Breaking Rust යනු සජීවී ගායකයෙකු නොව AI මගින් නිර්මාණය කළ ව්‍යාපෘතියකි. මෙය Aubierre Rivaldo Taylor නමින් හැඳින්වෙන අද්භූත චරිතයකට හෝ AI අනුවාදයකට ක්‍රෙඩිටු කර තිබේ. එහි උත්පත්තිය පිළිබඳ සැක සංකා මතුවුවද Spotify තුළ මසකට මිලියන 2කට අධික සංඛ්‍යාවක් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා දස දහස් ගණනක් අනුගාමිකයින් රැස් කර ගෙන ඇත.

සම්පූර්ණවම AI නිර්මාණයක්—නමුත් වයිරල්

සමාජ මාධ්‍යයේ බොහෝ පරිශීලකයන් අසත්‍යව “Walk My Walk” ගීතය ප්‍රධාන කන්ට්‍රි චාටර්වල ප්‍රථම ස්ථානය කියා ප්‍රචාරය කරමින් එහි සාර්ථකත්වය නැරඹුම් ලෝකය තුළ වයිරල් වුවත් අස්ථානගත ප්‍රකාශයන් මධ්‍යයේ ගීත ලෝකයේ සත්‍ය ප්‍රථමයා තවමත් Morgan Wallen ය.

ඩිජිටල් මිලදී ගැනීම් වලට වඩා ශ්‍රාවක හැසිරීම වැදගත් වන වේදිකාවල Breaking Rust හි පැවැත්ම බෙහෙවින් අඩු කැපී පෙනීමක් පෙන්නුම් කරයි. Spotify හි Country Top 50 ලයිස්තුවේ Breaking Rust නොපෙනෙන අතර එහි නිල YouTube උඩුගත කිරීම නැරඹීම් 40,000 කටත් වඩා අඩුය.

AI “කුණු” සංගීතය පාලනයට ප්‍රධාන ෆ්ලැට්ෆෝම් මහත් උත්සාහයක

මේ වැනි AI-ගායකයන්ගේ වර්ධනය හේතුවෙන් Spotify ඇතුළු ප්‍රධාන ෆ්ලැට්ෆෝම් මගින් නව රෙගුලාසි ආරම්භ කර ඇත. Spotify ප්‍රකාශ කළේ AI නිර්මාණශීලීත්වයට අලුත් අවස්ථා මතුකරන නමුත් එය “අඩු ගුණාත්මකත්වයෙන් යුතු ගොඩගැසී යන AI ගීත” මගින් නීත්‍යානුකූල සංගීතඥයින්ට වල කපමින් නිර්දේශ පද්ධතින් විකෘති කිරීමට හේතු විය හැකි බවයි.

Spotify AI හි දියුණුවේ වේගය “නොසන්සුන්” ලෙස විස්තර කළ අතර වේදිකාව එහි පරිසර පද්ධතියේ අඛණ්ඩතාව සමඟ නවෝත්පාදනය සමතුලිත කළ යුතු බව සඳහන් කළේය.

AI වල වර්ධනය වන රටාවක්

Breaking Rust යනු සංගීත ලෝකයට ළඟා වූ පළමු AI ක්‍රියාව නොවේ. මේ මාසයේදී Xania Monet නමින් AI-ගායිකාවක් Billboard R&B Digital Song Sales චාටර්වල ඉහළින්ම සිටියාය.

එසේම The Velvet Sundown වැනි සම්පූර්ණ AI ජනනය කරන ලද සංගීත කණ්ඩායමක් ද මෙම වසරේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වූ පසු එහි මුලාරම්භය AI බව හෙළිවිය.

මෙම කෘතිම රංගන ශිල්පීන්ගේ වේගවත් නැගීම යන්ත්‍රයෙන් නිපදවන සංගීතයට සෘජු තරඟකාරිත්වයක් ඇති කරනවා යැයි බිය වන සාමාන්‍ය කලාකරුවන් බොහෝ කලකිරීමට ලක්වී ඇත.

AI යුගයේ කලා ලෝකයේ කැළඹිලි

බොහෝ විචාරකයන්ට මෙම තත්ත්වය සෘජුවම කලා ලෝකය පුරා පවතින ගැඹුරු නොසන්සුන්තාවයක් පිළිබිඹු කරයි. AI උත්පාදක වඩාත් සංකීර්ණ වන විට මනුෂ්‍ය හැඟීම්, අත්දැකීම් සහ ප්‍රකාශන මත ගොඩනගා ඇති කර්මාන්තයන් එය අභිබවා යා හැකි මට්ටමක හැකියාවක් ඇති AI සමඟ පොරබදමින් සිටියි.

AI සංගීතඥයන් දැන් ඉහළම ශ්‍රේණිගත ගීත නිෂ්පාදනය කරන බැවින් මෙම තත්ත්වය සමඟ මානව නිර්මාණශීලිත්වය සහ ස්වයංක්‍රීය නිෂ්පාදනය අතර තිබු ඉරි වේගයෙන් මැකී යමින් තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස කලාදායකයා “ජීවමාන මනුෂ්‍යයෙක”ද “මෘදුකාංගයක ප්‍රතිඵලයක්”ද යන්න තේරුම්ගත නොහැකි යුගයකට ලෝකය පිවිස ඇත.

Breaking Rust හි මෙම නැගීම අවධාරණය කරන්නේ බියජනක යථාර්ථයක්: සංගීත කර්මාන්තය තුළ යන්ත්‍ර මිනිස් කලාකරුවන්ට උපකාර කිරීම පමණක් නොව ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව ඇති නව යුගයකට පිවිසෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...

‘AI මෙවලම් පවසන සෑම දෙයක්ම අන්ධ ලෙස විශ්වාස නොකරන්න’ – සුන්දර් පිචායි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධි...