ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW :

ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි නිවේදිකාවක්, නාට්‍ය ශිල්පිණියක් මෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය කලක් අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර අද (18) දින ඇය අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඇය 68 වන වියේ පසු වූ බව සඳහන් වේ.

රජයේ ගුවන් විදුලියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළ චිත්‍රා කුමාරි මහත්මිය ගුවන්විදුලි වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂිකාව ලෙස ද කටයුතු කළ බව පැවසේ.

ඇය ප්‍රාසාංගික වේදිකාවේ නිවේදන රැජින” ලෙසද හඳුන්වන අතර, ගායන, නර්තන හැකියාවන්ගෙන් මෙන්ම වේදිකා නාට්‍ය නිළියක ලෙසින් ද දස්කම් දැක්වූ දක්ෂ නිවේදිකාවකි.

1979 සහන නිවේදිකාවක්ව සේවයට බැඳුණු ඇය වාර්තාගත ලෙසින් තෙවරක් අඛණ්ඩව වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති ප්‍රකාශිකාව ලෙසින් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන ලබා තිබෙන නිවේදිකාවකි.

ඉකුත් 2019 වසරේ චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය සුවඳ පද්ම රජත සම්මානයද හිමි කරගත්තාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...