අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

Date:

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවීමට හැකිවී ඇත.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි වූ අතර වත්මන් ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය ආසන 23ක් දිනාගැනීමට සමත් විය. විපක්ෂයේ සෙසු පක්ෂ සියල්ල අතර ආසන 24ක් බෙදීගොස් තිබුණි.

ඒ අනුව සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් ජුනි මස 17 වනදා පළමු රැස්වීම කැඳවූ නමුත් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ රැස්වීම කල් තැබුණි.

අනතුරුව පසුගිය ජුලි 15 වනදා සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා යළි සභාව කැඳවූවද එහිදී ද තෝරාපත් ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හමුවේ යළිත් සභාව කල් තැබීමට පළාත් කොමසාරිස් කටයුතු කරන ලදී.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වී මාස 06ක් ගතවී ඇතත් තවමත් බලය පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශිය සභාව අද පෙරවරුවේ යළි රැස් වූ අතර එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බැලුණු අතර ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ කළේය.

එහිදි විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇත.

අනතුරුව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදි සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න මහතා පත්ව තිබේ.

එහිදි ඔහු ඡන්ද 23ක් ලබාගැනීමට සමත් වූ අතර රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළකළ සර්වජන බලය සභිකයා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...