මැතිවරණයක් පවත්වන්නට බැරි එකම බාධාව විපක්ෂ නායක සජිත් හෙළිකරයි ! (VIDEO)

Date:

මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ බාධාව වන්නේ මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව ආණ්ඩුවට ඇති ඇඟ කිලිපොලා යන භීතිය යැයි ද,එනිසා ආණ්ඩුව මැතිවරණයකට රැගෙනයාම පිස්සු බල්ලෙක් නාවන්නට ගෙන යනවා වැනි අපහසු කටයුත්තක් යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරවීම ගැන රට නොමඟ යවන්න එපා යැයි කී විපක්ෂ නායක මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ වගන්ති ගෙනහැර පෑවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැතිවරයා , ජනතාව සහ රට නොමග යවන ප්‍රකාශයක් සිදු කරන බවත්, එය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...