අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි – කාලගුණ අනාවැකිය

Date:

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ 21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (18) දවසේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...