*
Friday, September 20, 2024
spot_img

Latest Posts

වැට බින්දොත් දිනන්න පුළුවන් රිට

ලංකාවෙ මලල ක්‍රීඩාවේ කරන්න අමාරුම ඉසව්ව මොකද්ද කියා ඇසුවොත් මගෙනම් හිතට එන්නෙ රිට පැනීම.මොකද ඒකට පහසුකම් නැහැ.එම ඉසව්ව පවත්වනවාද නැද්ද කියන එක තීරණය කරන්නෙ පවත්වන ක්‍රීඩාංගණය.දියගම හෝ සුගතදාස ක්‍රීඩාංගණයට නොයන්නේනම් ඒ සඳහා පහසුකම් ලැබෙන්නේ නැහැ.මේක තමයි ඇත්ත තත්ත්වය.මලල ක්‍රීඩා පරිපාලනය,ක්‍රීඩා අමාත්‍යංශය හෝ මේ අඩුකම ගැන එච්චර හිතන්නෙ නැත්තෙ මේ ඉසව්ව එක්ක ගනුදෙනු කරන්න ඉන්න පුහුණුකරුවොත් මේ දුෂ්කරතා සියල්ල දරාගෙන තරග කරපු ඉන් අනතුරුව යම් හැදෑරීමක් සමඟ එහි පුහුණුවට යොමු වූ පිරිස්.එහෙම නැතුව දැවන්ත පුහුණු චරිත රිටි පැනීම ගැන වගේ ඉසව් ගැන සිතන්නෙ ඉතාම අඩුවෙන්.දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න සමාජ සංස්කෘතියෙම කොටසක් හැටියට තමයි මේ දේවල් හඳුන්වන්න පුළුවන්.
මේ ඉසව්වෙ දක්ෂතා දියුණු කරන්න අවධානය යොමුවෙන්නෙ අඩුවෙන්.එතැනදි දක්ෂතා කෙතරම්ද කියන කාරණය මිස මේ ඉසව්වටතියෙන පහසුකම් කොච්චර දුප්පත් ද කියලා හිතන්නෙ නැහැ.ඒ නිසා විදේශ තරග අත්දැකිම් සමඟ එම ඉසව්වේ දක්ෂතා ඉහළ නංවා ගන්න දෙන අවස්ථා අඩුයි.සමහර විට රිට මලල ක්‍රීඩා ඉසව්වක් හැටියට ගණනය කරන්නෙ නැති තරමටම අවධානයෙන් ඈත තියෙන ඉසව්වක්.ඒ සඳහා අවධානය බලධාරීන්ගෙ යොමුවෙන්න නම් ක්‍රීඩාව සම්බන්ධ වගකිම ඉක්මවා ගිය පෞද්ගලක සමීපත්වයක් තියෙන්න ඕනි.නමුත් 2016 දි අමාරුවෙන් දකුණු ආසියානු තරගවලට රිංගවා ගත්තු මේ ඉසව්වෙන් ඉෂාර සඳරුවන් රන් පදක්කමක් රැඟෙන ආවත් ඊට පස්සෙ ආයෙ ඒ රත්තරන් රට ඇතුළෙ තඹ දොයිතුවක වටිනාකමක් නොදෙන තත්ත්වයෙන් පැත්තකට කෙරුණා.
මෙවැනි වටපිටාවක කාන්තා අංශයෙන් වාර්තා පිට වාර්තා තියාගෙන එන ක්‍රීඩිකා සචිනි පෙරේරාටත් ඒ ශක්‍යතාවයන් විදේශීය පොළවන් සමඟහප්පා බලන්න අවකාශ නොලැබෙන තැනක ඇය විදේශගත වෙනවා.ඒ ක්‍රීඩාවට නෙමෙයි රැකියාවකට.ඇයගේ මවගේ අසනීපයත් සමඟම ඉස්සරහ යන්න ඇයට අවශ්‍යය ශක්තිය සොයා ගන්න ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපවීම් සමඟ ඇති අඩ ඉඩ ඒ සඳහා බලපාන්නට ඇති.
දීර්ඝ විස්තරයකින් පස්සෙ කතාවට එන්න වෙන්නෙ ඉසව්වක් හැටියට රිට තියෙන තැන ගැන තවත් කතා කරන්න දේ තිබියදීයි.මේ සටහනට පාදක වන ඉමාෂා සිල්වා රිට සම්බන්ධයෙන් අලුත්ම බලාපොරොත්තුවයි.තවමත් 22 හැවිරිදි ඉමාෂා දැනට ඉන්නෙ ජාතික වාර්තාවට සෙන්ටි මීටරයක් පසුපසින්.පුහුණුවෙදි මීටර් 4 ඉක්මවා දස්කම් දක්වා තිබෙන ඉමාෂා ගේ ඊළඟ බලාපොරොත්තුව මීටර් 4 සීමාව දක්වා ලාංකේය කාන්තා රිටි පැනීම ඔසවා තැබීමයි.
නමුත් මේ සඳහා තව මාස හතරක කාලයක් හුස්ම අල්ලාගෙන ඉන්න අපිට සිඳුවෙනවා.ඒ විශ්මය රැඳුණ මීටර් 4 පිමිමට පස්සෙ හෙලන්න.ඒ දක්වා තරගයක් නැහැ.ඉංග්‍රිසි භාෂාවෙන් උසස් පෙළ හදාරා ඇති ඇය දැනට අධයාපන කටයුතුවලත් නිරත වෙනවා.
ඒත් ඉතිං මං ක්‍රීඩාවට ආදරෙයි.සමහර පැවරුම් කරන්න ගියොත් ක්‍රීඩාව අත අරින්න වෙයිද කියලත් දුකයි.
ඉමාෂාගේ වචන ගලන්නෙ කල්පනාවේ දැලෙන් පෙරී අවසන්ව.සංයමයෙන්.නිහඬබව ඇය තරග කරන අවස්ථාවන් හී පවා අපේක්ෂාවයි.දිරි ගන්නවන අත්පොළසනින් තොරව රිට සමඟ පියාඹන්නයි ඇය කැමති.
ඒ පියඹෑම කොතනක නවතින්නේ ද?
අපේ පැනයට ඇය සෘජුවම පැවසුවේ ඔලිම්පික් යනුවෙනුයි.හැබැයි ඒ යා හැකි මඟත් ඇය ඊට පස්සෙ සැළසුම් ඇදලා පෙන්නුවා.
ලංකාවෙ රිටි පැනිම කරගෙන යන්න තියෙන පහසුකම් හරිම සීමිතයි.ස්ර් දන්න දේ වගේම නොදන්න දේ හොයන්නත් විශාල කැපවීමක් කරනවා.ඒත් අපිට මේ පොළවෙ යන්න පුළුවන් සිමාවක් හැදිලා තියෙනවා.
ඇය පවසන්නේ ඒ සීමාව පැන්නොත් ඔලිම්පික් දැක බලාගන්නට හැකි බවයි.
කවුරුහරි බලධාරියෙක් අහනවනම් රිටි පනින ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් පනින උස එච්චරද කියලා පෙරළා දෙන්න තියෙන පිළිතුර උඹලා මේ ඉසව්ව වෙනුවෙන් කරල තියෙන දේ ට මෙච්චරත් වැඩි ද කියා අසන්නට පුළුවන් තරමටම මේ ඉසව්වේ පහසුකම් ගැන සටනක් ඇත්තේම නැහැ.ඒ නිසා ඇය කියන විදිහට මේ පොළවෙ ඉදන් ඇය බලාපොරොත්තු වන තරම් උසට පියාඹන්න අත්තටු ශක්තිමත් කරගන්න බැහැ.
විවිධ අයගෙන් තොරතුරු හොයද්දි දැනගන්න ලැබුණා මගේ වයසට මීටර් 3.55 ක් පැන තිබෙනවානම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙ සහයෙන් පුහුණුවක් ලබා ගන්නට හැකි බව.ජාතික ඔලිම්පික් කමිටුව එක්ක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.හරි ගියොත් ඉතිං ලොකු දෙයක්.මෙහෙ වුණත් ලබන වසර වෙනකොට මීටර් 4.20 ට විතර යන්න පුළුවන් වෙයි.සමහර විට ඒක ආසියාතික මට්ටමෙ පදක්කමක් වෙන්නත් පුළුවන්.ඇත්තම කාරණය තමයි පහසුකම් සහ පුහුණුවෙ හැටියට තමයි පනින්න පුළුවන්.සර්ටත් එක්කම හරි දෙනවනම් එයා තව ටිකක් දේවල් ඉගෙනගෙනත් එයි.
අතරමැදට ඇය ගෙනත් තබන ස්ර් තමයි සනත් ගුණරත්න.ඔහු දැනට තමන්ගේ නිවසේ සහ ඒ නිවස ආසන්න වෙරළ තමන්ගේ පුහුණුවන දරුවන්ගේ පුහුණු බිමක් කරගෙන ජාතික කර්තවයක් කරගෙන යන කෙනෙක්.කැඩුණු බිඳුණු අඩුම කුඩුම පටවගෙන ඇවිත් ඒවා පිළිසකර කර සකසාගත් බිමක රිටි පැනීමේ තාක්ෂණික උපක්‍රම කියා දෙන සනත් ගුණරත්න මේ ලිපියෙ ඉහතින් සඳහන් කරපු ඉෂාරගේ සහ සචිනිගෙත් පුහුණුකරුවා.හරියටම පාසලක් නැති බිමක ස්වෙච්ඡිවෙන් දන්න දේ කියා දෙන්න අටවගත්තු තැනක් හැටියට හඳුන්වන්න පුළුවන් ගුණ්රත්නගෙ තැන නොනිල ඇකඩමියක්.හැබැයි ලෝකයට යන්නට තබා රටෙන්වත් හරි ඉඩක් නොදෙන විෂයක් ගැන කරන හැදැරිමේ වගේම ඉගැන්නීමෙත් හරියට නොමේරු තැන් ඇති.ඒත් ඒවා ප්‍රශ්න කරන්න හදන්න ඒ ගැන හිතන උදව් කරන බලධාරින් කවුරුත් නැහැ.හේතුව මේ ටිකවත් ඒ අය අතින් නොවන නිසා.
ඇයගෙ අම්මාත් ක්‍රීඩිකාවක්.ඇය රිට නොවුණට උස පැනපු කෙනෙක්.බොරැල්ලෙ සියළු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයේ ඉගෙනගන්න අවදියේ ඩර්වින් පෙරේරා යටතේ පුහුණුව ලද ෆ්‍රාන්සිස් 91 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලෙ උස පැනීමේ දෙවැන්නියයි.තාත්තාගේ තියෙන්නෙ දරුවන්ගෙ හැකියාවන්ට ආදරයක්.වාත්තීය කම්කරු වුව ත් ඔහු උසට වඩා වැදගත් උසස් අරමුණු සඳහා දරුවන් යොමු කරන්නෙක්.මේ වන විටත් ඇයගෙ වැඩිමහල් දියණියන් දෙදෙනාම ඉහළ රැකියා සඳහා යොමු වී තිබෙන අතර එක් අයෙක් විවාහකයි.මේ උදව් උපකාර ද නොවන්න ෆ්‍රාන්සස් සහ දුමිත් සිල්වාගෙ කැද්ල්ලෙන් මේච්චර උසට පියාඹන්නියක් නඩත්තු කරන්න අපහසු වෙන්න තිබුණා.දැන් ඒ ගෙදර පියාඹන්නියක් පමණක් නොවේ පියාඹන්නෙක්ද ඉන්නවා.ඔහු කණිෂ්ඨ සූරයා වන තුෂේන් සිල්වා.ඉමාෂාගේ ආදරණිය මල්ලි.ඔහු මේ වන විට මීටර 4.60 ක් පනින ගැටවරයෙක්.ලංකාවෙත් මුල් පිරිස අතර තුෂේන්ගේ නම කියවෙනවා.


මිගමුව නිව්ස්ටඩ් බාලිකාවෙන් අකුරු ඉගෙනගත් ඉමාෂා 10 වසර තෙක්ම එහි කැපි පෙණුනේ උස පනින්නත්,කඩුලු මතින් දිවිමටත්ය.එහිදි සිල්වා ස්ර්, හේරත් සර්, නිලන්ති මිස් වැනි ඇයගේ මතකයේ ඇති නම් පොදියක්ය.නෙසේ නමුත් නිව්ස්ටඩ් අභිමානය තදින් සිත් හි දරා සිටින ඉමාෂා 10 වසරේදී සනත් ගුණරත්න හරහා අතට ගත් රිට මේ වන විට මීටර් 3.70 දක්වා පැන,තව දුරටත් පනින්නට සිහින දකින්නීය.ඒ සිහිනවලට ඇති සැළසුම් සිහන අපූරුය.ක්‍රීඩා බලධාරින්ගේ ශිෂ්‍යත්වයක්.ඔලිමිපික් සුදුසුකම්,ආසියාතික පදක්කමක් යනා දි සේ එක පෙළට දිග හැරෙන ඒ සිහන ඇත්තක් වීමටනම්,ඒ ආකාරයෙන්ම සිහින දකින නිලධාරින් සහ බලධාරින්ද සිතිය යුතුය.ඇපි ඇඟිල්ලෙන් ඇන අවදි කර ඔබේ සිහින පෙන්වන්නට උත්සාහ කරමු.ඒ ඔබ රටට කීර්තියක් ගෙන ආ හැකි ශක්‍යතාවයන් සහිත ජවසම්පන්න පියාඹන්නියක් බව අපට දැනෙන නිසාය.
ඉමාෂා ඔබට සුබ පැතුම්! .


LNW අකුරුවලට එහා සුබ පතන්න හැකි පරිසරයක් තැනීමට ද වෙහෙසෙන්නට හැම උත්සාහයක්ම දරන්නෙමු! ඒ රිට පැනීමට ඇති සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කර ඒ වැටවල් බිඳ, හිතිය හැකි මිනිසුන්ට ඔබව රටට ජයගෙන ආ හැකි ක්‍රීඩිකාවක් කළ හැකි වන බැවිනි.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan