*
Sunday, November 10, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/18

1. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.
බාහිර ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බව ද පවසා සිටියි. ණය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් චීන සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරී කණ්ඩායමක් තමා හමුවූ බව ද මෙහි දී ඔහු පවසා සිටියේ ය. වෙළඳපල තුළ තවමත් මේ සම්බන්ධයෙන් එතරම් ඒත්තු ගැන්වීමක් සිඳුව නොමැත.

2. වගා කටයුතු ප්‍රවර්ධනය කරන මුවාවෙන් රජයේ ඉඩම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ විෂය පථයන්ට එක් කිරීමේ යෝජනා 2023 අයවැයේ අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ගෙන් ප්‍රකාශයක්.
එමගින් ආණ්ඩු පක්ෂයේ හිතවතුන්ට රජයේ ඉඩම් ඩැහැගැනීමට හැකිවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

3.2023 අයවැය ප්‍රායෝගික විසඳුම් වෙනුවට ‘ලොකු ලොකු’ අදහස් වලින් පිරී ඇති අයවැයක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි.
එය පාර්ලිමේන්තුව සහ රටේ ජනතාව “අයවැය සිහිනයක තරු අතරේ පා කර” ඇති තත්වයට පත් කර ඇති බවට ඔහු ප්‍රකාශ කරයි. ඔවුන් එම සිහිනයෙන් අවදි වූ විට රට විනාශ වන බවට ඔහු අනතුරු අඟවයි.

4.2023 අයවැයත් ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය දශක කිහිපය තුළ අසා ඇති අයවැයනුත් අතර වෙනසක් නැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.
මෙම අයවැයෙන් ජනතාවට හෝ ආර්ථිකයට කිසිසේත්ම සහනයක් නොමැති බවට මැසිවිලි නඟයි.

5.මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ පසුගිය මාස ගණනාවක් තිස්සේ රුපියල “ස්ථාවර” කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කරයි.
ඔහු අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය පෙර සිටි මහබැංකු අධිපතිවරුන් අනුගමනය කළ ප්‍රතිපත්තියට ම සමාන බව පවසයි.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයා වීමට පෙර, “විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීමේදී වැඩි නම්‍යශීලී තත්වයක්” යෝජනා වී තිබුණි.

6. සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් සියයට 12ක් ජනගහනයෙන් ධනවත්ම සියයට 20 අතර සිටින අය බව තම පාර්ලිමේන්තු අනුකාරක සභාව අනාවරණය කරගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

7.ණය සඳහා පොලී අනුපාත ඉහළ යාම නිසා ගනුදෙනුකරුවන් “අපහසුතාවයට පත්ව ඇති” බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.
බැංකු සමඟ සාකච්ඡා කර අවශ්‍ය සහන ලබා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

8. හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ගොනු කළ අපහාස නඩුවකට අදාළව රුපියල් මිලියන 25ක වන්දියක් ඔහුට ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට නියෝග කරයි.

9. නීතිඥ රුචිරා ගුණසේකර වෘත්තීය සංගම් සංවිධානයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස තේරී පත් වේ.
ඇය මීට පෙර 2019 දී වෘත්තීය සංගම් සංවිධානය(OPA) හි පළමු කාන්තා ප්‍රධාන ලේකම්වරිය ලෙසද කටයුතු කළා​ය.

10.ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් 300,000කට වැඩි ප්‍රමාණයක් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනුජා පෙරේරා ප්‍රකාශ කරයි. එය ජනගහනයෙන් සියයට 1.33 කි. බදු ජාලය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය බව ද ප්‍රකාශ කර සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan