*
Friday, September 20, 2024
spot_img

Latest Posts

බදු සංශෝධන – 2023 අයවැය

මෙවර අයවැයෙන් ආනයන භාණ්ඩ වර්ග 1055 ක ආනයන රේගු තීරු බදු හා සෙස් බදු සංශෝධනය කෙරිණි. 2022.11.16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය මේ වනවිට ගැසට් මඟින් ප්‍රකාශ කොට රේගුව වෙත ඉදිරිපත් කර ඇත.

අයවැයෙන් ප්‍රකාශයට පත් කර බදු සංශෝධන යටතේ ආනයනික භාණ්ඩ 677 ක ආනයන සෙස් බදු හා භාණ්ඩ 377 ක තීරු බදු සංශෝධනය කර ඇත .

එහිදී ,

සනීපාරක්ශක තුවා , ළදරුවන්ගේ හා වැඩිහිටියන්ගේ කසල අවශෝෂක වටිනාකම මත 15% ක් මත වූ බද්ද ඉවත්කොට තිබීම විෂේශත්වයකි.

ද්‍රව්‍ය නිපදවීම සඳහා අමුද්‍රව්‍ය මත අය කල 45% ක් හෝ 1kg කට රු.450/= වූ සෙස් බද්ද ඉවත් කර තිබේ .

කෙසේ වෙතත් භාණ්ඩ රැසක සෙස් බදු විශාල ලෙස ඉහළ දමා ඇති ආකාරය දැකිය හැකිය.

බී ළූණු 1Kgක් මත පනවා තිබූ 15% ක බද්ද 30% දක්වා වැඩි කර ඇත.

රතු ලූනු 1Kg ක් මත පනවා තිබූ රු. 110 /=ක බද්ද රු.220/= දක්වා ඉහළ දමා ඇත.

සුදු ළූණු 1Kg ක් මත පනවා තිබූ රු. 150/= ක බද්ද රු.300/= දක්වා දෙගුණයක් ඉහළ දමා ඇත.

palm oil 1Kg එකක් මත පනවා තිබූ රු. 33/= සිට රුපියල් 75 ක් දක්වා ඉහළට දමා ඇත.

කඩදාසි සහ ලිපිද්‍රව්‍ය මත බදු තවදුරටත් ඉහළ දමා ඇත.

සිමෙන්ති මත වන සෙස් බද්ද 1KG කට ශත 50 ක් සහ රුපියල්ටක් බැගින් ඉහළ දැමිණ .

ටයිල්, සනීපාරක්ෂක උපාංග , ජලනළ උපාංග ඇතුළු ගොඩනැගිලි මත බදු ද තව දුරටත් වැඩි කර ඇත.

භාවිතා කළ පාපැදියකට අය කළ බද්ද රු. 2000/- කින් වැඩි කර ඇත.

මේ අතර 2002 ලෝක රේගු සංවිධානයේ සංකේතකරණය අනුව මෙතෙක් 10% හා 15% වශයෙන් අය කළ තීරුබදු 15% හා 20% ලෙස සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනාවී ඇත.

අදාල බදු සංශෝධන 2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වේ.

රෂිකා හෙන්නායක
2022.11.18

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan