චාමිකට විනය චෝදනා නැහැ – ක්‍රිකට් ආයතනය

Date:

ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ චාමික කරුණාරත්නට එරෙහිව ගැටුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙනෛක්ගේ නම් ද සාක්ෂි සේ ගෙන ප්‍රවෘත්ති මැවීමක් පසුගියදා සිඳු කෙරිණ.අනතුරුව චාමික ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමත් සමඟ එම කරුණු පදනම් කරගෙන ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවටත්,චාමිකට විනය චෝදනා එල්ල කළ පිරිස නැවත ප්‍රවෘත්ති නිර්මාණයක් කළ අතර,ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දැක් වූ අය මෙය යම් ආගමික නිකායක සැළසුමක් මත චාමික කණ්ඩායමෙන් ඉවත් කිරීමක් බවට චෝදනා එල්ල කළේය.
ක්‍රිකට් ආයතනය පැත්තෙන් අවසාන වශයෙන්මේ සම්බන්ධයෙන් කරන නිල ප්‍රකාශය වන්නේ චාමික කණ්ඩායමෙන් ඉවත් කිරීම විනය චෝදනා මත සිඳු වූ දෙයක් නොවන බවය.එය දක්ෂතා මත පදනම්ව සිඳු කෙරුණ දෙයක් බව ක්‍රිකට් ආයතනය මාධ්‍යයට ප්‍රකාශ කරන්නේය.
ටෙස්ට්,විස්සයි විස්ස මෙන්ම එක්දින යන ක්‍රිකට් ආකෘති තුනක ක්‍රියාත්මක වන බව නොරහසකි.එයින් චාමික ඉවත් කර ඇත්තේ එක්දින තරගවලින්ය.LNW මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගොඩ නැඟු තර්කය වූයේ අවසාන වරට චාමික සහභාගි වූ එක්දින තරගාවලියේදි තරග දෙකකදීම ඔහු තරගයේ වීරයා වූ බවය.ඒ අතර ඔහු සහභාගි වූ අවසාන එක්දින තරගයේ වීරයා වීම ද තිබිණ.එසේ තිබියදී ඔහු ඉවත් කරන්නේ කෙසේද යන්න අපේ ගැටළුව විය.ඒ නිසා ක්‍රිකට් ආයතනයට අප විසින් චාමික සම්බන්ධයෙන් ගොඩ නැඟූ තර්කය තවමත් නොවිසඳී පවතී.
අඩුම තරමේ මේ ක්‍රීඩා ආකෘති තුන,ක්‍රිකට් ආයතනය එකක් සේ සළකන්නේ ද යන්න හෝ එසේනම් වෙන වෙනම ආකෘති මත ක්‍රීඩකයින් විශේෂ කොට නම් කරන්නේ ඇයි ද යන්න හෝ පැහිදිළි කළ යුතුය.එම පැහැදිළි කිරීම අවම වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රිකට් ආයතනයෙන් දැන ඔහු විසින් අනුමත කරන ලද කණ්ඩායම අනුමත කිරීමට හේතු වූ කරුණු දැක්වීම සදාචාරසම්පන්න වගකීමක්ය.මේ සිඳුවීම සමාජය විවිධ අයුරෙන් කියවා ගැනීම හරහා ඇතිවන නරක කථිකාවන් සමාජ මාධ්‍ය ඇතුළේ විසිරී එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පිටියට බසින ක්‍රීඩකයන්ගේ සමඟිය ඛාදනය වීම වළක්වා ගැනීම ක්‍රිකට් ආයතනයේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේද වගකීමය.එය වචන දෙක තුනක පිළිතුරකින් නිමා කරනු වෙනුවට ගැඹුරෙන් තාර්කිකව සමාජයට කරුණු දක්වා සිටීම,ක්‍රීඩකයෙක්ට පමණක් සිමා නොවුණ ක්‍රිකට්මය වගකීමක්ය.
එය ආගමික කල්ලියක උවමනාවක්නම් අපට කීමට ඇත්තේ කණ්ඩායමේ සිටින ඕනෑම ක්‍රීඩකයෙක් ඕනෑම පන්නයක ආගමක් ඇදහීම අප ප්‍රශ්නයක් කර නොගන්නා බවය.එය ඔහුගේ පෞද්ගලික නිදහස සහ අයිතිය ය.නමුත් යම් අයෙක් තමන් විශ්වාස කරන ආගම පදනම් කරගෙන ඒ ආගම විශ්වාස නොකරන පිරිසකට බලපෑම් කරන්නේනම්,හෝ බාධා කරන්නේනම් හෝ අසාධාරණයක් කරන්නේනම් එය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
චාමික සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පැවසූ අදහස සිරස මාධ්‍ය ජාලයෙන් විකාශය කළ අවස්ථාව මේ සමඟ වන වීඩියෝවේ ඇත.
https://fb.watch/gRUumr9oe1/

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...