ඉන්දීය ගැටිස්සියන්ට පූර්ණ ගෞරවය.මිනුදිගේ පිත්ත විශ්වාසය තහවුරු කරයි.

Date:

ඉන්දියාවේ පැවති කාන්තා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසාන තරගයෙන් ලකුණු 77 ක දැවන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ඉන්දීය කාන්තා ඒ කණ්ඩායම සමත් වුණා.තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් මේ දක්වා තරගාවලියේ ගෞරවණීය සේ විහ්වාසය දිනා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු යැවිමේ බල ඇණිය කීතු කර දැමුවා.පන්දු ඕවර් 20 අවසානයේ ඉන්දීය ලකුණු පූවරුව කඩුලු එකකට ලකුණු 175 ක් සේ දිස් වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණයින් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරා.සෞම්‍යා තිවාරි නොදැවී ලකුනු 65 ක් ලබා ගත්තේ පන්දු 4 වැය කරමින්.ස්වේතා ෂෙහ්ර්වාත් පන්දු 46 දී ලකුණු 68 ක් ලබා ගත්තා.දැවී ගිය එකම කඩුල්ල වූ ස්වේතාගේ කඩුල්ල දවා ගත්තේ ශ්‍රී ලංකාව සහභාගි වූ ඉණිම තුනේදීම වඩාත්ම කැපී පෙණුන පිතිකාරිය වූ මනුදි නානායක්කාරයි.
ජාතික කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න මේ තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවත් ඇයට මේ තරගාවලියේ ලකුණු අතරට ඒමට හැකියාවක් ලැබුණේ නැහැ.ඇය මේ තරගයේදී ලකුණු 18 ක් රැස් කරා.ප්‍රහාරය මෙන්ම විශ්වාසය ද ඒ සමඟ මුසු කරමින් පන්දුවට පහර දුන් මනුදි නානායක්කාර මේ තරගයේදී ද ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභිණිය වෙමින් ලකුණු 35 ක් වාර්තා කළේ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමඟ පන්දු 27 දී යි.
මේ අතර ඉන්දීය බී කණ්ඩායම තරගාවලියේ අපරාජිත තත්ත්වය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟ ද පහසුවෙන්ම රැක ගැනීමට සමත් වුණා.කොදෙව් කණ්ඩායම ලකුණු 44 ට දවා ලූ ඔවුන් කඩුලු දෙකක් පමණක් වැය කර එම ලකුණු සීමාව පසු කරමින් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...