බැංකු ණය සඳහා සහන කාලයක් – මහ බැංකු අධිපති

Date:

පසුගිය මාසයේ සාමාන්‍ය හා ආහාර උද්ධමනය ප්‍රතිශතාත්මකව අඩු වීමත් සමඟ ලබන වසර අග වනවිට උද්ධමනය 4% ත් 5% ත් අතර පවතනු ඇතැයි අපේක්ෂා කරන බව බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව හමුවේ කරුණු දක්වමින්ය.

පසුගිය කාලය තුළ විචල්‍ය පොළී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගනුදෙනුකරුවන්ට බැංකු සමග සාකච්ඡා කර යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවද මහ බැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබේ .

ගනුදෙනුකරුවන් මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ විමසීමේ දී මහ බැංකු අධිපති වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඊට උපදෙස් මහ බැංකුව විසින් බැංකු වලට ලබා දී ඇති බවයි.

රෂිකා හෙන්නායක
2022.11.18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...