සහල් ආනයනකරුවන්ව හදිසියේම ජනාධිපති කාර්යාලයට කැඳවයි !

Date:

සියලුම සහල් ආනයනකරුවන්ට අද (නොවැම්බර් 19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ, සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා ය.

ඇතැම් සහල් වර්ගවල තොග පවතින්නේ නොවැම්බර් මාසය අවසානය දක්වා පමණක් බැවින් හදිසියේම සහල් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ වනවිටත් වෙළඳපොලේ නාඩු සහ සුදු කැකුළු සහල් යම් හිඟයක් පවතින අතර ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහල් නිකුත් කිරීම සීමා කර ඇත. එසේම ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහල් මිලදී ගන්නේ නම් කාඩ්පත්වලින් ගෙවීම් කළ නොහැකි අතර අත්පිට මුදලට පමණක් සහල් අලෙවි කරන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...