දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මවුරි පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් බවට සඳහන් වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, නවසීලන්තයේ මවුරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුම නැවත සලකා බලමින් ඉදිරිපත් කෙරෙන පනතකට එරෙහිව 35,000ක පිරිසක් නවසීලන්ත අගනුවර විරෝධතාවයක නිරත වන බවයි.

වෙලින්ටන් උද්‍යානයේ සිට පාර්ලිමේන්තුව දක්වා පෙළපාලි වලින් ගමන් කරමින් දින නවයක කාලයක් මෙම විරෝධතා පැවැත්වීමද විශේෂත්වයක් වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් හා මවුරි ජනයා අතර ඉඩම් සහ සංස්කෘතික අයිතිවාසිකම් වැනි කරුණු ආවරණය වන වසර 184ක් පැරණි වයිටැන්ගී ගිවිසුම නැවත සලකා බැලීම මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි. බොහෝ දෙනා පවසන්නේ එය ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වලට බාධා ඇති කරන බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...