එක එක අය දඟලයි. හැබැයි උතුරේ ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කර අවසන්!

Date:

කොළඹ LNW:උතුරේ නැවත ජාතිවාදයකට ඉඩක් නොමැති බවත් එය ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.

ඒ, අද (19) අමාත්‍යාංශයේ වැඩභාරගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

මේ මොහොතවන විටත් උතුරේ ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදී ප්‍රශ්න මතුකිරීමට උත්සහ කරමින් තිබුණද ජනතාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

වාර පහකට කට නොඅරින ලෙස ජනතාව සංඥා කර තිබෙන හෙයින් ඉදිරියේදී ප්‍රශ්න ඇතිකිරීමට උත්සහ කරන අයට ජනතාව විසින්ම උත්තර දෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කරන ලදී.

මේ අතර මේක ජනතාවගේ ආණ්ඩුවක් බවත් එය රැකගෙන ඉදිරියට යාමේ වගකීමක් ජනතාවටත් ඇති බවත් ආණ්ඩුවේ සිටින්නේ මැජික්කරුවන් හෝ සියල්ල දත් අය නොවන හෙයින් සියලු දෙනා එකතුව ඉදිරියට යායුතු බව හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම විශේෂයෙන් ධීවර අමාත්‍යාංශය ධීවරයින්ට අයිති ආයතනයක් වන හෙයින් පසුගිය කාලයේ පැවති ප්‍රශ්න පසෙකලා ධීවරයින් ඉදිරිගමනට සම්බන්ධ කරගන්නා බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙතෙක් කාලයක් පැවති දේශපාලන අතපෙවීම් ඉදිරියට සිදුනොවන අතර නිලධාරීන්ට වැඩ කිරීමට අවශ්‍ය නිදහස පවතින නමුත් එම නිදහස අයුතු ලෙස භාවිතා නොකරන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ජනතා වරම ඇත්තේ රට ගොඩනැගීමට වන හෙයින් මෙතෙක් කාලයක් පැවති වංචා,දුෂණ, අක්‍රමිකතාවන්ගෙන් මිදී ආණ්ඩුව ඉදිරිපත්කර තිබෙන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල සමඟ එකතු වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...