ජාතික ලෑස්ති තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවත් ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් මතිවර කොමිසම නිල වශයෙන් පිළිගන්නා බවත් රත්නායක මහතා සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්.
ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවද එහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.