ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුවක්දණ්ඩාවේ සනා නමැත්තා විපක්ෂයේ ගෝලයෙකු වන්නට ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“ඔව්, අපිට සම්බන්ධ සමහරු අහුවුණා. පෑලියගොඩ නගරසභාවේ අපේ නාගරික මන්ත්‍රීතුමියක්ගේ මහත්තයා, ගුරුවරයෙක්, නීතිය ක්‍රියාත්මක කළා. අත් අඩංගුවට ගත්තා. තාමත් මං හිතන්නෙ ඇතුළෙ. තාම ඇතුළෙ. කිසිවෙක් නීතිය උඩින් නෑ. සියල්ල නීතියට යටින්. කවුරුවත් ආරක්ෂා කරන්නෙ නෑ. මොකක්ද මං දන්නෑ ඔය පුවක්දණ්ඩාවෙ කවුද කිව්වා නේද ? ඒගොල්ලන්ගෙ කට්ටිය වෙන්න ඇති. ඒගොල්ලොන්ගෙ ගෝලයෝ ගැන කියනවා අපි ආරක්ෂා කරනවාලු. මං කලින් දවසකුත් කිව්වා, ඒගොල්ලන්ගෙ කන්ටේනර්, අපි නිදහස් කරලා, ඒක අරගෙන ගිහිල්ලා පොහොට්ටුවෙ මන්ත්‍රීගෙ ඉඩම වළලනවා, මාර ආණ්ඩුවක් මේක එහෙම බලන් ගියාම. ඕගොල්ලො හැමදාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවො ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ මන්ත්‍රීවරු, ඇමතිවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආරක්ෂාව දුන්නා. අද ඒක සහමුලින් බිඳලා තිබෙනවා. අපි එකක් සහතික වෙනවා, රටම එකට ජාතික මෙහෙයුම අපි නවත්වන්නේ මේ රට සහමුලින් මත්ද්‍රව්‍යෙන් මුදවාගත්ත දවසට. ඒ වෙනුවෙන් ඉතාමත් හොඳින් අපෙ පොලිසිය අද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...