සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ධවළ මන්දිර සංචාරයේදී 2018 දී සෞදි පාලනය විසින් වොෂින්ටන් පෝස්ට්හි තීරු රචක ජමාල් කෂෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශනයක් ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කළ ABC නාලිකාවේ විකාශන බලපත්‍රය අහිමි කළ යුතු බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබු අතර මොහොමඩ් බින් සල්මාන් කුමරු කිසිවක් දැන නොසිටි බව අවධාරණය කර තිබිණි.

2018 ඔක්තෝබර් 2වන දින සෞදි රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් ඉස්තාන්බුල්හිදී කෂෝගි ඝාතනය කර කැබලිවලට කපා දමා තිබු අතර එක්සත් ජනපද බුද්ධි අංශ විසින් කුමාරයා ඝාතනයට නියෝග කළ බවට විධිමත් තක්සේරුවක් කර තිබිණි.

කෙසේ නමුත්, මේ සමබන්ධයෙන් මොහොමඩ් කුමරු ප්‍රකාශ කර තිබුණේ, එය වේදනාකාරී බවත්, එය විශාල වැරැද්දක්බවත්, මෙය නැවත සිදු නොවීමට අපි අපේ උපරිමය කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...