බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW :

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් රු.මි. 703කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගත් බව පවසයි.

බෙන්තර වෙරළ තීරයේ සහ ඔබ්බෙන් වූ මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 968ක ප්‍රමාණයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙන අතර, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...