පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව භාවිතය : උපදේශකවරුන් පුහුණු කිරීම ඇරඹේ

Date:

පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතය. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහන අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුම‍ාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය.

තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගනීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, එසේ නොවීමෙන් වේගයෙන් ඉදිරියට යන සමාජය තුළ පන්ති පරතරය වඩාත් පුළුල් වී අනාගත රැකියා ලෝකය එක්තරා පිරිසකට පමණක් සිමා වීම නොවැළැක්විය හැකි බවත් මංමාවත් පුරා නිමක් නොමැති අරගල මතුවීම සාමාන්‍ය සංසිද්ධියක් වන බවත්ය.

දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ මේ සඳහා තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ පළමු පංතියට උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සිදු කරනු ලැබේ. පළාත්‍බඳව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණුකිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.යූ. ප්‍රේමතිලක, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න ඉංග්‍රීසි හා විදේශ භාෂා ඒකකයේ අධ්‍යක්ෂ නිමාලි අනූෂා පතිරණ අධ්‍යාපන අමාත්‍යාංශයේ යන මහත්ම මහත්මීන් එක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...