Monday, December 11, 2023
spot_img

Latest Posts

ඉන්දියාව ඕස්ටේලියාව සහ ලංකාව

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රිකට්වලට තීරණාත්මක දවසක්.ලංකාවේ බහුතරයක් අද අවසාන තරගයේ දී හෝ ඉන්දියාව පරදිනවාට ආසයි.ඒ අප මත ඔවුන් ඇති කර තිබෙන බවට විශ්වාස කරන දේශපාලන පීඩනයද?නැත්නම් අපි වීශ්වාස කරන ඒ පීඩනයේ තරම විතරද?තව දෙයක් හැටියට දැනෙන්නෙ ඔවුන්ගේ ප්‍රබලකම.ගලිවර්ව බිම දාගන්න සියලුම මිට්ටො ටික එකතු වෙනවා.හැබැයි වැඩේ තියෙන්නෙ ගලිවර් පෙරලන්න පිටියට බහින්න ඔක්කොම මිට්ටන්ට ඉඩ නැහැ.එකළොස් දෙනෙකට විතරයි ඉඩ තියෙන්නෙ.මේ මොහොතෙ ලෝක කුසලාන තරගාවලියේ ස්වභාවය අනුව ගත්තම අන්න ඒ මිට්ටන්ගෙ සමූහය වෙනුවෙන් වගකීම පැවරුණු එකොළහෙ ප්‍රමාණය තමයි පිටියට බහින්නෙ.ගලිවර්ව ආක්‍රමණය කළ අපි අහන රසවත් කතාවත් එක්ක ගත්තම ඒ මිට්ටන්ගෙ කණ්ඩායමේ එකමුතු කම විතරක් නෙමෙයි ඔවුන්ගේ කල්පනාකාරිත්වය,උපායශීලීත්වය වගේම වැදගත්ම දේ සංයමය සහ ශික්ෂනය කියන කරුණුත් දකින්න තිබෙනවා.වඩාත්ම වැදගත් විශාල පිරිසකගේ අවශ්‍යයතාවය නියෝජනය කරන ඔස්ට්‍රේලියාව අද දවසේ ඉහත කී සියලු ගුණාංග ප්‍රකට කළ යුතු වීමයි.අහමදාබාද් හි පිටියේ තිබෙන භාහිර උණුසුමත් එක්ක මේ තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන් වෙයි ද? ඒ පාලනයේ ප්‍රමාණය තමයි ඔවුන්ගේ වෘත්තීයමයභාවය සහ ජයග්‍රහණයේ අවශ්‍යයතාවය තීරණය කරනු ඇත්තේ.


ඉන්දියාව අපේ මුල.විජයගෙන් පැවත එන අපේ මුල් සම්බන්ධවෙන්නෙ විජයට.ඒ නෑ පරපුරේ අපි අදටත් ලේවලින් ආපු ස්වභාවයක් හින්දද දන්නෙ නැහැ රටක් හැටියට හොරකමෙන් පීඩාවට පත් වෙලා ඉන්නෙ.ඒත් මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලානය දිහා බලාගෙන අපි ඉන්දියාව හොර කරනවා කියමින් වැලපෙනවා.විරෝධතා ගොඩ නඟනවා.පුදුම වෙන්න දෙයක් නැත්තෙ ඒක එහෙමනම් අපේ රටේ අනන්‍යතාවයම තමයි ඒ දකින්නෙ.අපේ මුල්වලින් පැලවෙන්නෙ අපේ ජාතියෙම ගස්.


එහෙත් ඉන්දියාව ලෝකය ඉදිරියේ හොරකමෙන් විතරක් කප් ගහන්න උත්සාහ නොකරන රටක්.ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය පවා ආක්‍රමණය කරන තරමට ඉදිරියට ගිහිං හැම කේෂ්ත්‍රය් ඇතුළෙම ලෝකයේ බලවතෙක් වීමේ සුදුසුකම් සපුරමින් ඉන්නවා.ඒ දියුණුව ගැන කිව්වම අපේ හුඟ දෙනෙක් කියන්නෙ ඉන්දියාවේ මිනිස්සුන්ගෙ කැසිකිළි සහ වැසිකිළි අපහසුකම්.පාරෙ ඒ වැඩ ටික කරන නොදියුණු ජාතියක් කියලා.ඉන්දියාවෙ සියලු මිනිස්සුන්ට වැසිකිළි පහසුකම් නැතුව අනිත් අධ්‍යාපන සංවර්ධන වැඩ කිරිම ගැන හිනා වෙනවා.හැබැයි ලෝකයක් හැටියට ගත්තම ඉන්දියාව යන පෙර ගමන අනුව අපි දැනටමත් රාජශ්‍රීයෙන් විරාජමාන වූ ඉන්දියාවේ පිටුපසට වෙන්න තියෙන වැසිකිළියක් වෙමින් තිබෙනවා.හැබැයි ඒක රජගෙදරක් කියලා හිතාගෙන අනුන්ගෙ අඩු පාඩුවලට හිනා වෙන මට්ටමට අපේ බොහෝ දෙනෙක්ගෙ මනස දියුණු වෙලා තියෙන්නෙ විජයලගෙම ලේ නිසා වෙන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්වලදිත් එහි සාර්ථකත්වයෙ දිග පළල මනින සාධකයක් හැටියට අපිට ඉන්දියාව අමතක කරන්න බැහැ.අපට ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමෙදිත් ඔවුන් අසළින්ස ඉදගෙන උදව් කර තිබෙනවා.අද ඉන්දියාවට බනින අර්ජුන වගෙ චරිතයකට ඉතිහාසයේ වරක් ඔප්පු නොවුණු තරග පාවාදීමේ චෝදනාවක් ආවා.ඒකට අරවින්දගෙ නමත් පැටලිලා තිබුණා.ඒ කාලෙ අර්ජුනගෙ ගජම ගජ මිතුරා මොහොමඩ් අසාරුදින්.විවිධ කට කතා අසාරුදින්ගෙ සහ අර්ජුනගෙ සබදකම් හරහා ක්‍රිකට් ප්‍රවෘත්ති හැටියට නිර්මාණය වුණා.


වැදගත්ම දේ ඒ සම්බන්ධතා සහ වල්පල් නෙමෙයි.අර්ජුන රණතුංග අදටත් තමන්ගේ පෞරුෂය රඳවාගෙන හතර අතට බනින චෝදනා කරන හැකියාව ගැන පුරසාරම් කියන ලෝක කුසලාන ජයග්‍රහණයේ නායකත්වයේ ගෞරවය පිටුපසත් ඉන්දියාව සිටීමයි.එකල ශ්‍රී ලංකාවේ පැවති යුදමය තත්ත්වය නිසා ආරක්ෂාව ගැන සැකයෙන් ඕසට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කළා.මේ තත්ත්වය නිසා කාටවත් ලකුණු නොදි තරග අත ඇරිය යුතුයි කියන තැන තමයි මුලදි අයිසීසි ය කරක් ගැහැව්වෙ.නමුත් පස්සෙ මේ වැඩේ එන්නෙ නැති ටීම් නොසළකා ඇරලා ශ්‍රී ලංකාවට නිතරග ජයක් ගෙන එන තැනට වැඩ සළස්සන්න ඉන්දියාවෙ බලය වැදගත් වුණා.පාළකයෙක් විදිහට බොහොම සංයමයෙන් සහ වෘත්තිමයභාවයකින් ආනා පුංචිහේවා එළියට වචනයක්වත් නොකියා ඒ තත්ත්වයට පාර හැදුවා.


ඉන්දියාව,පකිස්තානය එකතු වෙලා ශ්‍රී ලංකාවට කළාපයේ සහයෝගය සනාත කරන තරගයකට ආවා.ඒක ක්‍රිකට් ඉක්මවා ගිය,ශ්‍රී ලංකාව දේශපාලන එදිරිවාදිකම් අමතක කර එකතු වී ආරක්ෂා කිරීමට පකිස්තානය සහ ඉන්දියාව එකතු වූ දුර්ලභ අවස්ථාවක්.
අදටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවතින්නෙ ඉන්දියාවෙ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා.ශ්‍රී ලංකාවෙ ව්‍යාපාරිකයෝ ක්‍රීඩාව වගෙ විෂය පථයකදි තවමත් ටිකක් අලුත්.ඒ එක පැත්තක්.අනිත් අතට සමස්ත කඩා වැටිම හමුවෙ ලොකු ආයෝජනයක් අනුග්‍රහයකට කරන්න තරම් පොහොසත් නැහැ.එල්පීඑල් තරගාවලියේ සමහර දේශිය සමාගම් වගකීම් පවරා ගත්තු කණ්ඩායම්වල ක්‍රීඩකයනට ගෙවීම් පවා කර නැති බව වාර්තා වුණා.මේක තමයි ඇත්ත තත්ත්වය.ඒ නිසා ඉන්දියාවට බනින අය අයිසීසි තහනම ඉවත් කර ගත්තොත් ඉන් ඉස්සරහට ශ්‍රීී ලංකාවෙ ක්‍රිකට් සඳහා අනුග්‍රහයන් නැති වීමේ අවදානමක් තිබෙන බව තේරුම් ගන්නත් ඕනි.එහෙම වුණොත් අර්ජුන ජීවත්වෙන තුරාම එකම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කුසලානය දිනා දුන්න නායකයා විදිහට වැජඹෙයි.මුල් කාලෙම ඒකත් එක්ක නම කියවුණ ඩේව් වට්මෝර්,ආනා පුංචිහේවා වගෙ චරිත යට ගහලා ඒ නම් එක දිගට ඉදිරියට ඇදෙන එක නවත්තමින් ඔවුන්ට තනතුරුවලින් යන්න වුණ ක්‍රිකට් දේශපාලනය හැදුවෙ කවුද කියන එක හෙමිහිට කල්පනා කළොත් ලංකාවෙ ක්‍රිකට් දේශපාලනයෙ රාජපක්ෂමය හැසිරීමට සමාන තැන් හොයාගන්න පුළුවන් වෙයි.


අවසාන තරගයෙදි ඉන්දියාව ගැන අපි හැසිරෙන විදිහ ඉන්දියාව ගැන මේ තත්පරයේ ලංකාවෙ ක්‍රිකට්වලට කරන නරක බලපෑමක් ගැන ඔළුවලට රිංගවපු ආකල්මය පීඩනයක් වැඩ කරනවා.මේ බලපෑම සහ ඉන්දියානු අනුග්‍රහයන් අද සෑම තැනකම ලෝක ක්‍රිකට් ප්‍රජාව නඩත්තු කරන ව්‍යාපාරික සහයකයන් හැටියට හැසිරෙනවා.මේ තත්ත්වය නිසා ලංකාවෙ ක්‍රිකට් ලෝලීන්ගෙ සංවේදී තැන් ඉන්දියාවට එරෙහිව පාරවන ව්‍යාපාතියක් ඉන්දියාව විසින් මේ මොහොතේ ලංකාවෙ ක්‍රිකට්වලට රැදී ඉන්න කරන උපකාර වගෙම ඉතිහාසයෙ කරපු අතදිම් සියල්ලම ලාංකේය ඔළුගෙඩිවලින් මකා දමමින් සිටිනවා.
ඒ වගෙම ඕස්ට්‍රේලියාව අපට ක්‍රිකට්මය ඉතිහාසය ඇතුළෙ නැගිටීම් වළක්වන්න හැම වෙලාවෙම වෙට්ටු දමපු කණ්ඩායමක්.මුරලිට එරෙහිව කරපු බලපෑම සාර්ථක වුණානම් ශ්‍රී ලංකාව මේ වෙන විට දිනාගෙන තිබෙන ක්‍රිකට් කීර්තියේ වර්ගපලය පමණට වඩා කුඩා වෙන්න තිබුණා.කොහොම නමුත් ක්‍රීඩාව ජය ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පමණක් නෙමෙයි ඉන්දියාවත් යම් ආකාරයකට ක්‍රිඩාවෙන් එහා ගිය දේවල් කරනවා.ඕස්ට්‍රේලියාව උපක්‍රමශිලිව ඒ දේ කරාට මහත්තුරු වගෙ හැසිරෙන්න දන්නවා.මේ දෙගොල්ලොම මාධ්‍ය,ප්‍රතිවාදියාගේ මානසිකත්වය පළුඳු කරන්න හොඳින් භාවිතා කරන්න දන්න පිරිස්.හැබැයි තරගයෙන් පස්සෙ හොඳම මහත්තුරු.


මේ මොහොතෙ අපට ඉන්දියාව හැම අතින්ම දැනෙන්නෙ අපිව විනාශ කරන්න ආපු යක්ෂයෙක් විදිහට වුනාට ඕස්ට්‍රේලියාවෙ ඇති ඉඩ නිසා ලාංකාවෙ විශාල පිරිසක් තමන්ගෙ දෙවන නවාතැන හැටියට එහි යන්න පාරවල් හොයමින් ඉන්නෙ.එහි ක්‍රිකට් දේශපාලනය පසෙකින් තිබ්බම රටේ දේශපාලනය ඇතුළෙ මානවී ගුණාංගවලට තියෙන ඉහළ පිළිගැනීම,ස්ථානය සඳහා හැකියාව පමණක් පදනම් කරගෙන තරග කරන්න තියෙන විසල් ඉඩ වගේ කරුණු නිසා අපට මේ මොහොතෙ වැදගත් ඕස්ට්‍රේලියාව.ඉන්දියාව විශාල විදිහට ලෝකයට අනුව වෙනස් වෙමින් සහ ලෝකය වෙනස් කළ හැකි තාක්ෂණික පිමි පනිමින් සිටියත්,වැසිකිළි කතාව වගේම එහි පැතිර විසිර සිටින අන්ධානුකරණ ඇදහීම් සහිත ගෝත්‍රික හැසිරීම්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව මානවීය ගුණාංග සහිත විද්‍යාත්මක කියවීමක් සහිත සංවර්ධිත භූමියක්.
ඔසී යන්න බැරිද


හුඟ දෙනෙක් ලංකාවෙ මිනිස්සු විදෙස් ගත වෙන්න තියෙන උවමනාවෙ මුලම තැනක ඔස්ට්‍රේලියාව තියාගෙන ඉන්න විශ්වාසය අපි හදාගත්ත එකක් නෙමෙයි.ඔස්ට්‍රේලියාව හදා දුන්න එකක්.ඒ නිසා මේ වෙලාවෙ අපේ මුල් ගලවල අලුතෙන් පැලවෙන්න හොද බිම හැටියට ඕස්ට්‍රේලියාව තෝරා ගැනිමට ඇති පළල් ඉඩ නිසා ලංකාවෙ බොහෝ දෙනෙක් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමි විය යුතු බව සිතනවා.මේ මොහොතෙ පෙණුමට සත්කාරකත්වය,ආර්ථාක අධිපතිත්වය ආදි විවිධ සාධක වගෙම සත්කාරකත්වය නිසා ලැබෙන උන්මාදනීය ඉන්දියානු ප්‍රේක්ෂක දිරි ගැන්වීමද එක්ක ඉන්දියාව ඉන්නෙ මේ සටහනෙ මුලින් කිව්ව විදිහට ගලිවර් මොඩලය සහිතවයි.


එහෙත් ඇත්ත හැටියට අපි පිළිගත යුතු දෙයක් තිබෙනවා.මේ කණ්ඩායම් දෙක මේ අවසාන මහා තරගයට ඒම අතිශයින් සුදුස්සන් අවසාන තරගයට පැමිණීම බව අප පිළිගත යුතු වෙනවා.මේ කණ්ඩායම් දෙක මේ මොහොතේ ලෝකයේ ඉදිරියෙන්ම ඇති ක්‍රිකට් සංස්කෘතීන් දෙකෙ නියෝජනයක්.විශිෂ්ටම ක්‍රිඩකයන්ගේ දායකත්වයක්.තරගයට පෙර පැට් කමින්ස් නම් ඔස්ට්‍රේලියානු නායකයා ඉන්දීය සංයමයට වෘත්තීමය මට්ටමෙන් කෙනිත්තීමක් කරනවා.එයින් රිදී ඔස්ට්‍රේලියාවට රිද්දීමේ මානසිකත්වය ජයග්‍රහණයේ උවමනාව ඉක්මවා ගියොත් ඔස්ටේලියාව සිය වෘත්තීමයභාවයෙන් මේ තරගය ජය ගන්න විශාල ඉඩක් තියෙනවා.
සමස්ත ඉන්දියාවටම සෙමින් එහෙත් දැනෙන්න වචක තිහිපයකින් ඇනපු ටොක්ක දරා ගෙන ඉවසිමෙන් එක ලකුණකින් හෝ ඔස්ට්‍රේලියාව පරාජය කරන තැනට ජාතිකාභිමානය පිරිච්චි ඉන්දීය ක්‍රීඩකයො දමනය වුණොත් ලැජ්ජා සහගත පරාජයක් ඕස්ට්‍රේලියාවට අත් කර දෙන්න උත්සාහ කර, ඒ අකාරයේ පරාජයක් පිළිතුරු ලෙස ලැබ ඉන්දියාවට බලාපොරොත්තු සුන් කරගන්න වෙනවා.
පැට් කමින්ස් ගේ හීන් ටොක්ක ඉන්දියානු ජනතාවගේ පපු කුහර පාරන තරම ඉන්දියානුවන් අවුස්සන තරම හිතා ගන්න එහි අදහස පහතින් ලියා තබන්නම්.


“ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ප්‍රේක්ෂකාගාරය නිරුත්තර නිහඩතාවයක ගිල්වීම අපේ අපෙක්ෂාවයි”
කෙසේ නමුත් අද දවසේ අපට ලංකාවේ රූපවාහිනි යන්ත්‍ර ඉදිරිපිට සිට කරන්න තියෙන්නේ උසස් වෘත්තිමය ගුණාංග සහිත කණ්ඩායම ජයග්‍රහණය කරන ආකාරය බලා සිටීමයි.එහි ප්‍රහාර,පන්දු යැවීම,පන්දු රැකිම පමණක්ම නොවන තව බොහෝ දේ තිබෙනවා.ඒ සියල් අද දවසේ ප්‍රදර්ශණය කරන කණ්ඩායම ජය ගනු ඇති අතර මැදිහත් ප්‍රේක්ෂකයන් හැටියට අපට වැඩිම ආස්වාදයක් ලැබෙන ලෙස මේ තරගයේ විශ්ෂ්ඨත්වය ප්‍රකට කරන ක්‍රිඩකයින් දෙස බලා සිටීම අපේ ප්‍රධාන අපේක්ෂාව විය යුතුයි.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.