ඕස්ට්‍රේලියාව සත්කාරකයෝ නිහඬ කරති

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපරාජිතව අවසාන තරගයට පිවිසි ඉන්දියාව අවසාන තරගයේදී කඩුලු 6 න් පරාජය කරමින් ලෝක සූරයන් වන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

මතබේදාත්මක ⁣අයුරින් කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට ගත් තීරණය නිවැරදි එකක් බව ප්‍රකට කරමින් ඕස්ට්‍රේලියාව මෙි ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය.ඕස්ට්‍රේලියාව මේ ලෝක කුසලානය දිනූ හයවන අවස්ථාවය.

ජයග්‍රහණය සඳහා තදින්ම බලපෑම සිදු කළේ ඕස්ට්‍රේලියානු පන්දු රකින්නෝය.ඉන්දියාව ලකුණු 240 ට සීමා කිරීමට එම පන්දු රැකීම නිසා අහිමි කළ ලකුණු ප්‍රමාණය ලකුණු 30 – 35 ට ආසන්නය.ඒ අතරින් රෝහිත් ෂර්මා දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රකිමින් ද,ඕස්ට්‍රේලියානු හඹායාමේදී අමිල ශතකයක් ලබමින් ලකුණු 137ක් රැස් කළ travis head තරගයේ වීරයා ලෙස නිතරගයෙන්ම සුදුසු විය.

ලකුණු 47 ට කඩුලු 3 ක් දැවුණු මොහොතේ හෙඩ් සමඟ එක් වී ඉවසිලිවන්ත අර්ධ ශතකයක් (58) ලැබූ මාර්නස් ලුබුස්වේන්ග් ද මේ ජයග්‍රහණයට දැක් වූ දායකත්වය මිල කළ නොහැකිය.ඔවුන් දෙදෙනාගේ නොබිදුණු කඩුලු සබඳතාවය ලකුණු 192 කි.

ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ අවමන් සහගත ලෙස පරාජය වූ තරගයේදී පළමුව පන්දු රැකීමට ගත් තීරණය ගැන මහේල ජයවර්ධන පැවසුවේ එය සාමූහික තීරණයක් බවය.පළමු පන්දු ඕවර් 10 පමණ තුළ කඩුලු රැක ගත හැකි වූයේනම් ප්‍රතිවාදීන්ට පන්දු යැවීමෙන් සාර්ථක වීමට පන්දුව ඇල්ලීමේ දුෂ්කරතාවයක් මතුවන බවට මහේල කී කතාව දැඩි ලෙස විවේචනයට බඳුන් විය.නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකයන්ට ⁣ඔප්පු කිරීමට නොහැකි වූ ඒ තාක්ෂණික කාරණය ඕස්ට්‍රේලියානුවන් විසින් ඔප්පු කළේය.

පැට් කමින්ස් කී පරිදි ඔහුගේ බල ඇණිය ලක්ෂ ගණනක ඉන්දීය ප්‍රේක්ෂකාගාරය නිහඬතාවයේ ගිල්වන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...