ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන වැඩක් නෑ – ඇමති සුනිල් සෙනවි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙතැයි ඉහළම විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“බිඳ වැටුණු ආර්ථිකය, භෞතික ජීවිතය තරමක් ඉක්මනින් හෝ පසුවී අපේ රජයට ගොඩගන්න වර්ධනය කරන්න ස්ථාවර කරන්න පුළුවන් වේවි. අපේ මුළු මහත් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ජන ප්‍රජාවගේ ජීවිතය සංස්කෘතික වශයෙන් බෙහෙවින් අගාධයකට ඇද වැටිලා තිබෙනවා, ඇද දමලා තිබෙනවා. ඇද වැටෙන හැටි බලන් ඉඳලා තිබෙනවා. ඒ නිසා මං හිතන්නෙ මට ලොකුම බලාපොරොත්තුවක්, ලොකුම විශ්වාසයක් තිබෙනවා මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියලා. මේ ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන ඵලක් නෑ කියන එක තමයි මගේ වැටහීම. ඉතින් මේ මහත් කාර්යයට විශාල සහයෝගයක් වුවමනා වෙනවා”

හිනිදුම සුනිල් සෙනවි මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 19) දිනයේදී සිය අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...